Image

තුවාල ලත් අරගලකරුවන් 39දෙනකු ගේ වාර්තා අධිකරණයට

තුවාල ලත් අරගලකරුවන් 39දෙනකු ගේ වාර්තා අධිකරණයට

2022 වසරේ දී ගාලුමුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව නඩුව තුවාල කරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා 39 ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.

තවත් වෛද්‍ය වාර්තා තුනක් ලැබීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම සිද්ධිය තුවාල කරුවන් 56 දෙනෙකුට අධිකරණ වෛද්‍ය පෝරම පුරවා ඇතැයි කී පොලිසිය සියලු වෛද්‍ය වාර්තා ලද පසු නීතිපති වරයාට යොමු කරන බව කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී 37 වන සැකකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු සැකකරුවන් 35 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුව නීතිපති උපදෙස් සදහා කල් තැබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ  අධිකරණයේ පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න