ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 2015 ට පෙර පැවැති රජයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත සිටින සිටින හිටපු ඇමති විමල් වීරවංශ මහතා ඇතුළු දෙදෙනාට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන නොවැම්බර් මස 11 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 20 නියෝග කළේය.
එමෙන්ම නිතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මෙම සිද්ධියේ දෙවන සැකකාර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ යන අය සහ විමල් වීරවංශ මහතා නඩුව කැඳවූ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
