Image

ජනපති ගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික් කමිටුව රැස් වෙයි

ජනපති ගේ ප්‍රධානත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික් කමිටුව රැස් වෙයි

මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ එහි දී මතුව ඇති ගැටලු පිළිබඳවත්, දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලීමත් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ (20) මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී විය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව කඩිනමින් විසඳීම සඳහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙමින් දිස්ත්‍රික්කයේ පානීය, වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා ජල අවශ්‍යතාව පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ද එහි දී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ය. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ගොස් ඊට අදාළ ගැටලු සමීපව අධ්‍යයනය සිදු කරන ලෙස ද ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

එමෙන්ම, නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන වාලච්චේන වරාය සංවර්ධනයට ගෙන ඇති පියවර සහ ප්‍රදීපාගාරයක අවශ්‍යතාව පිළිබඳවද අවධානය යොමු කෙරිණි. දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා වූ පෙර සූදානම සහ අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

8eedc7a9 8845 49a7 898f 9e0e7e354e44

 

68e2a9ac 3c2d 4617 b30d 74aa33083f07

6ba3b83c 10e3 48d6 949d f43be1a3d180

cefc0c75 88a9 4f55 872d bb257c28d478

45ee8762 e225 46a0 8835 ec5b97fd5164

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න