Image

දිලුම් අමුණුගමට එරෙහිව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත සහ ළමා පොලිස් කාර්‍යංශයට පැමිණිල්ලක්

දිලුම් අමුණුගමට එරෙහිව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත සහ ළමා පොලිස් කාර්‍යංශයට පැමිණිල්ලක්

අටමස්ථාණාධිපති පල්ලේගම හේමරතන හිමි විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇතැයි වින්දිතත්වයට පත්ව සිටින දැරියට අපහාස කරමින් සහ බලහත්කාරය යොදවමින් නින්දිත සහ තුච්ච ප්‍රකාශයක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක වන දිලුම් අමුනුගමට එරෙහිව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත සහ ළමා පොලිස් කාර්‍යංශයට පැමිණිල්ලක් කළේ යැයි 'ළමා හිංසනයට තිත' (Stop Child Cruelty) පදනමේ වත්මන් සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක (Dr. Tush Wickramanayaka) පැවසුවා ය.

දිලුම් අමුනුගම ගේ ප්‍රකාශය බරපතල අපරාධමය වරදක් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඇය අදාළ වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටියා ය.

ඇය මෙලෙස පැවසුවේ සිය face book ගිණුම තුළ ප්‍රකාශයක් කරමිනි.

මෙම පැමිණිල්ලට අදාළව: National Child Protection Authority පැමිණිලි අංකය. Reference Number: CC/26/05/546 වන අතර 109 හරහා පැමිණිලි අංකය PCD/H/782/2026 වන බව ද ඇය සිය face book ගිණුමෙහි සදහන් කර ඇත.

එම ප්‍රකාශයේ ''අපි පෙනී සිටින්නේ දරුවා වෙනුවෙන්. මේ අපරාධය කවුරු කළත් අපරාධයක්. අහිංසක දරුවකු වෙනුවෙන් පෙනී සිටීම මානුෂික ගුණයක්. ළතෙත් හදවත් ඇති රටක මිනිසුන් කළ යුත්තේ එය යි.'' යනුවෙන් ඇය පවසන්නී ය.

මතු පළ වන්නේ දිලුම් අමුනුගම කල නින්දිත, තුච්ච ප්‍රකාශය සහ 'ළමා හිංසනයට තිත'  පදනමේ වත්මන් සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක කළ ප්‍රකාශ අන්තර්ගත වීඩියෝ පට දෙකයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න