ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් වගා සඳහා බීජ ඉසීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කය තුළ බීජ හා පොහොර ඉසීමේ වැඩසටහනක් මිනිපේ හසලක දී ඊයේ (20) ආරම්භ කෙරිණ.
යල කන්නයේ අතරමැදි වගාවක් වශයෙන් ආරම්භ කරන මුං වගාවක් සඳහා බීජ සහ පොහොර ඉසීම මෙහි දී සිදුකළ අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් අක්කර භාගයක වගාවක් ආරම්භ කෙරිණි.
කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මෙහෙයවීම මත හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ නව තාක්ෂණය පිළිබඳව ගොවියන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරිණ.
කෘෂිකාර්මික නවීකරණය සමග ගොවියන් ගේ වගා කටයුතු පහසු කිරීම සහ වියදම අවම කිරීම සඳහා මෙම තාක්ෂණය නිරිදේශ කර ඇතැයි මහඉලුප්පල්ලම, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය ස්වර්ණා හේරත් සඳහා කළා ය. විශාල ප්‍රමාණයෙන් වගා කටයුතු කරන විට ගොවියන්ට වඩාත් පහසුවෙන් වගා නිසි පරිදි කළමණාකරණය කර ඵලදායි වගාවකට හිමිකම් කිව හැකි යැයි ද සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළා ය.
නියමු ව්‍යාපෘතියක් වන අක්කර භාගයක මුං වගාවේ ඩ්‍රෝනය මගින් බීජ වැපිරීම සඳහා මිනිත්තු පහක පමණ කාලයක් ගත විය.
වැඩසටහන හඳුන්වා දීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනී, හසලක අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.එම්.ඒ.එස්.බණ්ඩාර ඇතුළු කෘෂිකර්ම නිලධාරීහු, ගොවිහු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ ද සහභාගී වූහ.

Nadeeka Daya Bandara - මහනුවර



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
