මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 1 කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කකළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති 9 වන සැකකරු වන අධිකරණය හමුවේ පෙනී නොසිටි අජාන් පුංචිහේවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට වරෙන්තුවක් නිකුත් කළේ ය.
මුදල් විශුද්ධිකරණයය යටතේ අධිචෝදනා ගොනු කරන්නේ කුමන සැකකරුව ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. ඔහු ගේ ඇපකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
වසර ගණනාවක් තිස්සේ එක ම වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයේ කාලය පවා නාස්ති කිරීමට පොලිසිය කටයුතු කරන බවත්, විවිධ විමර්ශන කරමින් මෙම අපරාධය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බව ද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියේ ය.
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් අලෝසියස්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ හිමිකරු අර්ජුන් ජෝසෆ් ඇලෝෂියස්, පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධි, ජෙෆ්රි ජෝසෆ් ආලෝෂියස්, චිත්ත රංජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ගාර්දිය පුංචිහේවා යන සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
