බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව (නවලෝක රෝහල සහ රජයේ රෝහලක) සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට අද අනුරාධපුර අධිකරණයෙන් ඇප ලැබී තිබෙනවා.
කිසියම් සැකකරුවකුට හෝ සැකකාරියකට අධිකරණයෙන් ඇප ලැබීම පිළිබඳ කිසිදු විවාදයක් නොමැති වුව ද මෙම භික්ෂුවට ඇප ලැබීම සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය පොලිස් විමර්ශකයින්ට චෝදනා රැසක් එල්ල කර ඇත.
එම චෝදනා නම්: වීඩියෝ සාක්ෂිය ඇතුළත් කර නොමැති විම, ඩීඑන්ඒ විමර්ශන අසම්පූර්ණ විම, සැකකාර භික්ෂුව ගෙන් අපයෝජනයට ලක් වූ දැරියට ලැබුණු ඇමතුම්වල වාර්තා ඩයලොග් සමාගමෙන් ලබාගෙන නොතිබිම, පොලිසිය සැකකාර භික්ෂුව පිළිබඳව විමර්ශන නිසිපරිදි නොකිරීම සහ ඇතුළත් කළ යුතු තවත් චෝදනා (විශේෂයෙන් ම දැරිය මිලදී ගැනීමට අදාළව) ඇතුළත් කර නොතිබීම ය.
එමෙන් ම සැකකාර භික්ෂුව පිළිබද විමර්ශන අවසන් නැතියි පොලිසිය පවසද්දී එම භික්ෂුව ගෙන් ප්‍රකාශයක් ලබාගෙන මුදාහැරීම නීතිවිරෝධී බවත්, අදාළ විමර්ශන ළමාරක්ෂක අධිකාරිය වෙත මාරුකරන ලෙසත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
