රුපියල අවප්‍රමාණය වීමට හේතුව යුදමය තත්ත්වය සමග ඩෙලරයේ ඉල්ලුම ඉහළ යෑම නිසා යැයි ආණ්ඩුව පවසන්නේ සම්පූර්ණයෙන් ම අසතයයක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ රුපියල අවප්‍රමාණය වීම ඇතුළු ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ...
ආණ්ඩුවේ අත්තනෝමතික තීරණවල ප්‍රතිඵල
''අපි දැක්කා පසුගිය දවසේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම කියලා. මැදපෙරදිග යුදමය තත්ත්වයත් එක්ක ඩොලරයේ ඉල්ලුම ඉහළ යෑම මේකට හේතුව විදිහට ආණ්ඩුව පැත්තෙන් පෙන්නනවා. නමුත් ආණ්ඩුව මේ කියන කරුණු සම්පූර්ණයෙන් වැරදියි. මොකද 2023 ජුනි වෙනකොට තිබුණු වටිනාකමටත් වඩා ඩොලරය මේ වෙද්දි තියෙන්නේ අඩු වටිනාකමක. අනිත් කාරණය තමයි සමස්ත ලෝකයේම සංචිත වලින් 2001අවුරුද්ද වෙනකොට 72%ක් පමණ තිබුණු ඩොලර් ප්‍රමාණය 2025 අවුරුද්ද වෙනකොට 58% දක්වා පහළ වැටිලා ඉවරයි. අනිත් කාරණය තමයි ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කරපු අධිරාජ්‍යවාදී යුද්ධයන් පස්සේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වෙන වෙළඳාම් පවා වෙන්නේ යුවාන් සහ රූබල් කියන මුදල් ඒකක මත. අනිත් පැත්තෙන් බ්‍රික්ස් රටවල මැදිහවීමක් ඩොලරයට විශාල තර්ජනයක් වෙලා තියනවා. ඒක නිසා ලංකාවේ රුපියල අවප්‍රමාණය වීමට හේතුව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම කියලා ආණ්ඩුව කියන කරුණු වැරදියි කියලා හොඳටම පැහැදිලියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්තිය කරගහගෙන ආණ්ඩුව මේ යන ගමන නිසා ඉදිරියේ දී ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයකට යන්න නියමිතයි කියලා අපි ආණ්ඩුවට අනතුරු හැඟව්වේ මීට අවුරුද්දකට කලින් ඉඳලා. හැබැයි ආණ්ඩුව ඒ වෙලාවේ 'නෑ නෑ අපි දන්නවා කරන විදිහ කියලා' පරණ පුරුදු නවලිබරල් වැඩපිළිවෙළේ ම ගියා. දැන් මේ භුක්ති විඳින්න වෙලා තියෙන්නේ ඒ අත්තනෝමතික තීරණවල ප්‍රතිඵල තමයි.
ඩොලරය ඉහළ යෑමේ වාසිය කාටද...?
වාහන ආනයන සීමා ලිහිල් කරන්න එපා එහෙම කළොත් ඩොලර් බිලියන 2ක විතර විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි 2024 අවුරුද්දේ දෙසැම්බර් 20 මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා. නමුත් ඒවා අහන්නැතුව ආණ්ඩුව වාහන ගෙන්වන්න තීරණය කරපු එකෙන් දැන් අපේ විදේශ විනිමය සංචිත වලින් ඩොලර් බිලියන 2.4ක් අහිමි වෙලා ඉවරයි. අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැනුයි ආණ්ඩුවට වාහන ආනයනය සීමා කරන්න මතක් වෙලා තියෙන්නේ. මේ ගෙන්නපු වාහනවලිනුත් බස් තියෙන්නේ 700ක් වගේ ප්‍රමාණයක්. ඉතුරු වාහන ලක්ෂ තුනක් විතර තියෙන්නේ පෞදගලික පරිහරණයට ගෙන්නපු වාහන. මේවගෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අධි සුඛෝපභෝගී වාහන. ඒවට විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා රටේ ඉන්ධන පරිභෝජනයත් මේ වෙද්දි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් අනිල් ජයන්ත ඇමතිවරයා ඇවිල්ලා කියනවා ඩොලරයේ මිල ඉහළ යෑම අපිට වාසියි කියලා. හැබැයි ඔහුට අමතක වෙලා ඒ වාසිය ලැබෙන්නේ අපනයන කර්මාන්ත හිමියන්ට කියන එක. හැබැයි ඒකෙන් අර ගාමන්ට් එකේ වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දීපු ඇඟළුම් කර්මාන්ත සේවිකාවන්ගේ ආදායම එක රුපියලකින් වැඩි වෙන්නේ නැහැ. කම්පැනිකාරයෝ ටිකක් ලාභ හොයන එක විතරයි මේකෙන් වෙන්නේ. අප්‍රේල් මාසේ තිබුණු තත්වයට සාපේක්ෂව මේ වෙද්දි උද්ධමනය දෙගුණයකින් වැඩි වෙලා. කඩේකට ගිහිල්ලා මනුස්සයෙක්ට බඩුවක් ගන්න විදිහක් නෑ. හාල්, පරිප්පු, අල, ලූණු, කිරිපිටි මේ හැම එකකම මිළ දවසින් දවස වැඩි වෙමින් යනවා. රුපියල කඩා වැටීම නිසා අර්බුදය මුළුමනින්ම ඇවිත් තියෙන්නේ පහළ පන්තියේ ජනතාවගේ කර උඩට. වැඩ කරන ජනතාවගේ ජීවිත තමයි මේ අර්බුදයට යන්නේ. ආණ්ඩුව මේ පන්ති ප්‍රශ්නය අමතක කරලා තමයි ඩොලරයේ ඉහළ යාම වාසියි කියලා කයිවාරු ගහන්නේ.
ගැලවිජ්ජාවට ආණ්ඩුව කරන වැඩ
දැන් ආණ්ඩුව මේ ප්‍රශ්නේ යට ගහන්න පාවිච්චි කරන්නේ ඉන්දියාව. 'ඉන්දියානු රුපියලත් පහළ වැටිලා තියෙන්නේ ඇයි අපේ වුණාම මොකද...?' වගේ කතා කියලා ආණ්ඩුව මේක යට ගහන්න ලෑස්ති වෙනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඉන්දියාව ස්වර්ග රාජ්‍ය කියලද දන්නේ නැහැ. ඉන්දියාවේ ඉන්නේ කෝටිපතියන්ට සාපේක්ෂව අතිවිශාල දිළිඳු ජනතාවක් ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාව ආර්ථික බලවතෙක් වුණාට ඒ රටේ ජනතාව ගේ ජීවිත තියෙන්නේ විශාල අර්බුදයක. ඒ නිසා ආණ්ඩුව ඉන්දියාව පෙන්නලා බේරෙන්න යනව නම් ඒක වැරදියි. අපි මේ ප්‍රශ්නේ එනකොට ම ආණ්ඩුවට විසඳුම් කිහිපයක් යෝජනා කළා; අපි ආණ්ඩුවට අනතුරු හැඟව්වා වාහන ආනයන සීමා ලිහිල් කරන්න එපා එහෙම වුණොත් ඒක ආර්ථිකයට විශාල බලපෑමක් කරනවා කියලා. ඊළඟට අපි කිව්වා මැදපෙරදිග යුද්ධය එක්ක ඉන්ධන අර්බුදයක් එන්න පුළුවන් ඒ නිසා වහාම අපේ රටට අවශ්‍ය ඉන්ධන සංචිත ගබඩා කරගන්න පියවර ගමු කියලා. අන්ති පැත්තෙන් පළවෙනි දෙවෙනි ගල් අඟුරු නැව් ෆේල් වෙනකොට ම අපි කිව්වා ඉදිරියේදී බලශක්ති අර්බුදයක් ඇතිවෙන්න නියමිතයි ඒ නිසා ඉක්මනින් ටෙන්ඩරය අවලංගු කරලා ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු ගෙන්වන්න වැඩක් හදන්න කියලා. මේ කියපු කිසි දෙයක් ගණං නොගෙන ඉඳලා දැන් ආණ්ඩුව අපි මොනවා කරන්න ද වගේ කතා කියලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තමයි ලෑස්ති වෙන්නේ.
ලෝකෙ වෙන රටවලට කිඹුහුමක් ගියත් අපිට නියුමෝනියාව හැදෙන හේතුව
රුපියල බාල්දු වීමට හේතුව විදිහට ආණ්ඩුව මේ පෙන්නන්නේ උඩින් තියෙන තාක්ෂණික ප්‍රශ්න ටික විතරයි. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ අපේ ආර්ථික පදනම ඇතුළෙ. පසුගිය කාලේ අත්තනෝමතික විදිහට ආණ්ඩු ගත්ත ණය නිසා දැන් අපි ඉන්නේ ආර්ථික උගුලක හිරවෙලා. අපේ විදෙස් ණය ප්‍රමාණය අපිට ගෙවාගන්න බැරි තරම් ඉහළ ගිහිල්ලා. අනෙක් පැත්තෙන් අපේ ආනයන සහ අපනයන අතර පරතරය එන්න එන්නම වැඩි වෙනවා. අපි විදෙස් රටවලට භාණ්ඩ විකුණලා ගන්න ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් මේ රටට භාණ්ඩ ගෙන්නන්න වැය වෙනවා. තුන්වෙනි කාරණය තමයි අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ කඩා වැටීම. අපේ රටේ මේ ආර්ථිකයෙන් 33%යි නිෂ්පාදන කර්මාන්ත හරහා දුවන්නේ. සමස්ථ ආර්ථිකයෙන් 77%ක්ම තියෙන්නේ ආනයන සහ ණය මගින් කරන දේවල්. මෙන්න මේ තත්වය තේරුම් අරගෙන ආණ්ඩුව දැන්වත් ආනයන සීමා කිරීමකට යන්න ඕන. ඊට සාපේක්ෂව දේශීය නිෂ්පාදන දියුණු කරන්න කඩිනම් පියවරක් ගන්න වෙනවා. අපි මේ ණය උගුලක හිර වෙලා ඉන්න නිසා තමයි ලෝකෙ වෙන රටවලට කිඹුහුමක් ගියත් අපිට නියුමෝනියාව හැදෙන්නේ. ඒ තත්වය නවත්වන්න නම් මේ ණය උගුලෙන් ගැලවෙන්න අවශ්‍ය ප්‍රතිපත්තියමය තීරණ වහාම ගන්න ඕන. ඒක කරන්න තමයි ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ. අපේ රටට ආයෝජකයෝ ආවා කියලා මෙහේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලො කරන්නේ තමන්ගේ ආයෝජන හරහා විශාල ලාභයක් උපයගෙන ආයොජනත් අකුළගෙන නැවත තමන්ගේ රටවලට යන එක. අපිට සොච්චමක්වත් ඉතුරු වෙන්නේ නැහැ. IMF එක කියන විදිහට තව තව ණය ගන්න එක තමයි දැන් ආණ්ඩුව විකල්පය විදිහට තෝරලා තියෙන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ අපේ රටේ දුප්පත් මිනිස්සුගේ කරපිට විශාල බදු බරක් පැටවෙන එක. ඒකෙන් ජනතාව ගේ ක්‍රය ශක්තිය එන්න එන්නම පහත වැටෙනවා. මේකෙන් මුළින් කඩා වැටෙන්නේ සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත ටික. නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් මේකට බලපාලා තියනවා.
ආණ්ඩුව මේ යන පාර වෙනස් නොකළොත්...
මේ හැම තත්වයක් එක්කම අපිට පේන්න තියෙන දේ තමයි ආණ්ඩුව මේ යන පාර වෙනස් නොකළොත් රටක් විදිහට අපි ඉදිරියේ දී විශාල අර්බුදයකට යන්න නියමිතයි කියන කාරණය. ඒ නිසා අපි ආණ්ඩුවට මතක් කරනවා දැන්වත් ධනපතියන් අතළොස්සක් පිනවමින් මේ ගෙනියන ජනතාද්‍රෝහී ආර්ථික වැඩපිළිවෙළෙන් ඉවත් වෙලා විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ආණ්ඩුවට ඡන්දය දුන්නු මිනිස්සුන්ගේ ජීවිත අර්බුදයට ඇදලා දාන්න ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. අනිත් එක අර්බුදය ලෝක මට්ටමින් මතුවෙනවා කියලා ඒකෙන් ගැලවෙන්න ආණ්ඩුවට බැහැ. මොකද ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ ලෝක මට්ටමින් ආවත් දේශීයව ආවත් ඕනෑම අර්බුදයකට ප්‍රතිපත්තියමය විසඳුම් හොයන්න. පිටරට වෙන දේවල් දිහා බලලා අපේ රටේ භාණ්ඩවල මිල වැඩි කරන්න නම් ජනාධිපතිවරයෙක් මොකටද කියලා ඒ කාලේ ඇහුවේ දැන් ඉන්න ජනාධිපති අනුරදි සානායක ම තමයි. අපි කියනවා ඔහු ගෙනුත් ජනතාව ඔය ප්‍රශ්නය ම අහන්න කලින් වහාම ජනතාවාදී ආර්ථික ක්‍රියාවලියකට යන්න කියලා.''
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
