මෙරට පුරවැසි පරපුර රටේ වත්මන් තත්ත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ අද (24) කුලියාපිටිය නගර සභාවේ 2026 සභාපති, සේවකයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සංචිතවල පවතින ඩොලර් බි. 1.2ක් භාවිත කළ නොහැකි චීන යුආන්
''සෑම වි ටම අපේ විදේශ සංචිතවල මාස තුනක ආනයන වටිනාකම ආවරණය වන සංචිත තිබිය යුතු බවට ආර්ථික විද්‍යාවේදී පිළිගන්නා කරුණක්. මේ වන විට ඩොලර් බිලියන 7ක සංචිත රට සතුව පවතිනවා. මේ බිලියන 7ක සංචිතවලට ගැළපෙන ආනයනික වටිනාකම් ලෙස සෑම මසකම ඇ. ඩොලර් බි. දෙකක් කැපකරනවා. මේ සංචිතවලින් භාවිත කළ හැකි ප්‍රමාණය අවබෝධ කර ගත යුතුයි. මේ අතර ඇති ඩොලර් බි. 1.2ක් භාවිත කළ නොහැකි චීන යුආන් ද පවතිනවා. එන්න එන්න තෙල් මිල වැඩි වුවහොත් ආවරණය කළ හැකි ප්‍රමාණය අඩුවෙනවා. ඊට අමතරව 2027 මාර්තු IMF ගිවිසුම අවසන් වෙනවා. 2028 සිට ආනයනවලට කැපකරන මුදලට අමතරව වාර්ෂිකව ඇ. ඩො. බි. 3ත් 3.5ක ප්‍රමාණයක් ණය ගෙවන්න සිදුවෙනවා. මැදපෙරදිග යුද්ධය දිගින් දිගටම පැවතීම නිසා මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් අප රටට ලැබෙන ප්‍රේෂණ අඩුවෙනවා. මේ නිසා අපනයන දියුණු වී සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත යුතු යි. මේවා ගැන පුරවැසියන් දැනුවත් විය යුතු යි.
රාජ්‍ය නිලධාරීන් ඉටු කරන සේවය අගය කළ යුතුයි
මේ අභියෝගාත්මක අවස්ථාවේ ලක්ෂ 220 ජනතා ආරක්ෂා කිරීම ජන ජීවිතය සුරක්ෂිත කිරීම ගැන අවධානය යොමු කළ යුතු යි. මේ වන විට දුප්පත්කම පවා වැඩි වී ඇති නිසා නව වැඩපිළිවෙළක් තුළ කටයුතු කළ යුතු යි. රටේ පොදු ජනතාවට සමීපතම මහජන නියෝජිත සේවාව වන්නේ පළාත් පාලන ආයතන සේවාව යි. ජනතාවට අත්‍යාවශ්‍ය වූ සේවා රැසක් ඉටු කිරීමේ කාර්ය මේ ආයතන හරහා සිදුවෙනවා. පළාත් පාලන මැතිවරණ හරහා ජනමතයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වනවා සේම මේ පළාත් පාලන ජන වරම භූමියේ ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. විවිධ අභියෝග දුෂ්කරතා මැද දේශපාලන අධිකාරිය මහ නිලධාරීන් විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. අප රටේ විවිධ අවස්ථාවල ඛේදනීය තත්ත්ව රැසක් නිර්මාණය වුණා. 71, 88-89 යුගයන් සේම 30 වසරක ත්‍රස්තවාදය ක්‍රියාත්මක යුගයේ මානව සම්පත් සේම භෞතික සම්පත් විනාශ වුවත් පළාත් පාලන ආයතන හරහා මේ භෞතික සම්පත් ශක්තිමත් කළා. ප්‍රාදේශීය සභා ක්‍රමය ආරම්භ වීමත් සමග විනාශ වූ රාජ්‍ය ආයතන බිම් මට්ටමේ ජනතාවට සේවා ඉටු කරන ආයතන සුරක්ෂා කිරීමේ කාර්ය මේ නිලධාරීන් ඉටු කළා. කාර්යක්ෂම ප්‍රශස්ත හා ශක්තිමත් සේවාවක් තුළින් ජනතාවට තෘප්තිමත් ජීවිතයක් ගොඩනගා ගැනීමේ අවස්ථාව හිමි වුණා.
රාජ්‍ය සේවය දේශපාලන බලපෑමෙන් තොර විය යුතුයි
අද දවස රාජ්‍ය සේවයේ නිතරවුවන් ගේ සේවාව නිසි ඇගයීමට වෙනවා. සෑම ගමක ම, නගරයක ම, ප්‍රාදේශිකයක ම, දිස්ත්‍රික්කය ම, පළාතකම ජන වරමින් පත්වූ දේශපාලන අධිකාරියට ඒ වරම ක්‍රියාත්මක කිරීමට විශාලතම සහයෝගය දෙන්නේ රාජ්‍ය සේවකයන්. අද රටේ රාජ්‍ය සේවය නිපුණතාව කුසලතාව හැකියාව දක්ශතාව මත පදනම් වු ක්‍රමවේදයකට නිර්මාණය විය යුතු යි. රාජ්‍ය සේවය යනු දේශපාලන අධිකාරියේ අතකොලුවක් නොවී වචනයේ පරිසමාප්තියෙන්ම ස්වාධීන විය යුතු යි. රටක් ලෙස බරපතළ ගැටලු අභියෝග රැසකට මුහුණ දෙන මේ අවස්ථාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවලට සැනසීමක් දෙන්න රාජ්‍ය සේවකයන් ඇපකැප වෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
