දිට්වා සමයේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන ලෙස රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ 'අනේ please එපා කියා ඒ අවස්ථාව පවා මේ උද්දච්ච රජය අහිමි කර ගත් බැවින් දැන්වත් අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්නැයි විපක්ෂ නායකවරයා රජයට යෝජනා කළේ ය.
ඔහු මෙම යෝජනාව කළේ ඊයේ (24) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී සමගි ජන බලවේගයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාව සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජය රටේ ජනතාව රවටනවා
''ජනාධිපතිවරයා රට වටේ ගිහින් රටේ ගැටලු නැති බව පෙන්නන්න උත්සාහ කරමින් රටේ ඩොලර් ඇති බව පැවසුවත් අද වන විට රට ඇති අවදානම් තත්ත්වය ගැන විවිධ සංඛ්‍යා ලේඛනවලින් දැනුවත් විය හැකි යි. මේවා ගැන ජනතාව දැනුවත් විය යුතු යි; මේ ප්‍රශ්න ගැන යථර්ථවාදී සත්‍යවාදී අවබෝධයක් උගත් බුද්ධිමත් ජනතාවට තිබිය යුතු යි. ජනාධිපතිවරයා විසින් රටේ සංචිත ඩොලර් බිලියන 7ක් තිබෙන බව පැවසුවත් මේ අතර පවතින චීන යුආන් ඩොලර් බිලියන ගණනක් භාවිත කළ නොහැකි නිසා සත්‍ය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7ට අඩු යි. මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ ලෝකය පිළිගන්නා ආකාරයට රටක සංචිත මාස 3ක ආනයන ආවරණය කළ යුතු වුවත් අප රටේ එයද නොමැති වීමයි. අප රටේ මාසික ආනයන වියදම ඇ. ඩොලර් බිලියන දෙකයි. මේ යන ආකාරයට මාස 3ක ආනයන වියදම ආවරණය කරන සංචිත පවා රටේ නැහැ. මේ දත්ත තිබිය දී රජය රටේ ජනතාව රවටනවා. මේ අවස්ථාවේ කළ යුත්තේ සංචිත ප්‍රමාණය වැඩි කිරීම යි. මේ මාස 3ක සංචිත ප්‍රමාණය යනු අවම ප්‍රමාණයකි.
සත්‍ය තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි
එසේම රටට ලැබෙන විදේශ ප්‍රේෂණ බිලියන 8ක් දක්වා වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය දිගින් දිගට ම කල්ගියහොත්, උත්සන්න වුවහොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනවා. මැදපෙරදිග ආර්ථිකය කඩා වැටුනහොත් ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වෙනවා. මේ ගැන පවා රජය කතා වෙන්නෙ නැහැ. 2022 කොරෝනා කාලයේ පවා ලෝකයේ ඉන්දියාව වැනි රටවල් අප රටට ආධාර දුන්නත් දැන් මේ පවතින ආර්ථික ගැටලු නිසා අප රටට ආධාර දිය හැකි අවස්ථාවද අහිමි වෙලා. ඉන්දියාවෙ මෝදි අගමැතිවරයා පවා සිය රටේ ජනතාව නිවැරදිව දැනුවත් කර තිබෙනවා. නමුත් අප රටෙ තවමත් එවැනි දැනුවත් කිරීමක් සිදු කර නැහැ. මේ ඇත්ත තත්ත්වය යථාර්ථය ගැන ජනතාවට අවබෝධයක් තිබිය යුතු යි. 2022 බංකොලොත් වන විය 92 පෙට්‍රල් 470ක් වන විට දැන් රු. 410 යි. මේ ඉලක්කම් දත්ත දකින විට ජනතාවට ඇත්ත තත්ත්වය අවබෝධ විය යුතු යි. 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වෙන නිසා සිදුවන බලපෑම ද තවත් වැඩියි. එය රටෙ ශ්‍රේණිගත කිරීමට ද බලපානවා.
'අනේ ප්ලීස් එපා' කියන්න එපා
2027 දී IMF ගිවිසුම අවසන් වන විට රටේ ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් වන නිසා පසුගිය දා පාර්ලිමේන්තුවේ කියු ආකාරයට අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යා යුතු යි. 2028 වන විට ආනයන මාස 3ක ආවරණය සේම වාර්ෂිකව විදේශ ණය ගෙවීම ඇ. ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා වැඩි වෙනවා. ආනයන වියදම සේම විදේශ ණය ගෙවීමද සිදුවන නිසා මේ සඳහා අවශ්‍ය ඩොලර් ද රටට අවශ්‍ය යි. තෙල් මිල ඉහළ ගියොත් සංචිත පවා ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. නැවත වරක් බංකොලොත් වීමෙ අවදානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න. හීනමානය නැති කර ජනතාවට පොරොන්දු වූ ආකාරයට ජනතාවාදී IMF ගිවිසුමකට යන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. බොරුවෙන්, මුළාවෙන්, වංචාවෙන්, ජනතා පැතුම තවදුරටත් විනාශ නොකර ජනතාවට වුණ පොරොන්දු ඉටු කරන්න. දිට්වා සමයේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන ලෙස රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අනේ please එපා කියා ඒ අවස්ථාව පවා මේ උද්දච්ච රජය අහිමි කර ගත් නිසා දැන්වත් අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙසත්, ටොම්පච දේශපාලනය නවතා ජනතාව ගේ පැත්තෙන් සිතා කටයුතු කරන ලෙසත්, තවදුරටත් IMF එකේ වහලෙක් නොවන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
