Image

ඇමරිකාව, කියුබාවට එරෙහිව සම්බාධක පැමිණවීම පෙ.ස.පෙ. හෙළාදකියි

ඇමරිකාව, කියුබාවට එරෙහිව සම්බාධක පැමිණවීම පෙ.ස.පෙ. හෙළාදකියි

ඇමරිකාව, කියුබාවට එරෙහිව: සම්බාධක පැමිණවීම, හිටපු ජනාධිපති රාවුල් ක්‍රස්තෝට එරෙහිව අභූත චෝදනා එල්ල කිරීම යනාදි ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළාදකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

කියුබාවේ විප්ලවීය නායකත්වය සහ එහි රාජ්‍ය ආයතන ඉලක්ක කර ගැනීම, දශක ගණනාවක් තිස්සේ පැවති එ.ජ. අධිරාජ්‍යවාදී ප්‍රහාර, ආර්ථික සම්බාධක සහ ක්‍රමානුකූලව කියුබාව අස්ථාවර කිරීමේ උත්සාහ පුළුල් ඓතිහාසික සන්දර්භය තුළ තබා වටහා ගත යුතු බවත්, මෙම ක්‍රියා එ.ජ. නායකත්වය දෙන ගෝලීය ධනේශ්වර ආධිපත්‍යයේ රාමුවෙන් පිටත ස්වාධීන සංවර්ධන මාවතක් තෝරා ගන්නා ඕනෑම රටකට දඬුවම් කිරීම අරමුණු කරගත් අඛණ්ඩ උපායමාර්ගයක කොටසක් යැයි ද එම නිවේදනයේ සදහන් වේ.

මතු පල වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනය යි.Screenshot 2026 05 25 113223

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න