Image

Per Anger Prize ජාත්‍යන්තර මානව හිමිකම් සම්මානයෙන් පිදුම් ලැබූ බිටෝ ප්‍රනාන්දු මහත් හරසරින් පිළිගැනේ

Per Anger Prize ජාත්‍යන්තර මානව හිමිකම් සම්මානයෙන් පිදුම් ලැබූ බිටෝ ප්‍රනාන්දු මහත් හරසරින් පිළිගැනේ

ස්වීඩන රජය සම්මානයෙන් පිදූ සමාජ ක්‍රියාකාරී සහ අතුරුදන් වූවන් වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රමය කැප කළ බ්‍රිටෝ ප්‍රනාන්දු පසුගිය දා රද්දොළුගම අතුරුදන්වූවන් ගේ ස්මාරකය අසල දී උත්සවශ්‍රීයෙන් ගත්තේ ය.

මෙම අවස්ථාව වෙනුවෙන් අතුරුදන්වූවන් ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්වූහ.

බිටෝ ප්‍රනාන්දුට එම සම්මානය හිමි වූයේ අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් ම Families of the Disappeared (FoD) සංවිධානය පිහිටුවමින් විශාල මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙනි. අදාළ සම්මානය වෙනුවෙන් ඔහුව නිර්දේශ කර තිබුණේ Diakonie Deutschland සංවිධානය යි.

මෙම සම්මානය පිරිනමන ලද්දේ ස්වීඩනයේ සංස්කෘතික අමාත්‍ය Parisa Liljestrand මහත්මිය විසිනි.

බිටෝ ප්‍රනාන්දු ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන “ආදරණීයයන්ට කුමක් වීදැයි නොදැන ජීවත් වීම තරම් වේදනාවක් තවත් නැත” යන ප්‍රකාශය මෙම අවස්ථාවේ ද ඔහු විසින් සිහිපත් කරන ලදී.

මෙම සම්මානය බිටෝ ප්‍රනාන්දු මහතාට පමණක් නොව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් ගේ පවුල්වල අඛණ්ඩ අරගලයට ලැබුණු ගෝලීය පිළිගැනීමක් යැයි මානව හිමිකම් ප්‍රජාව පෙන්වා දෙයි.

මූලාශ්‍ර - lankanewsweb

26c1006f 51c1 4222 b17b 0cf97d56675e

 

132e53b0 fdf2 4de9 b257 4847e620bd1c

055e9440 c8e8 49e8 9ecd 04a7481917ff

15516ffa 7180 4b28 aa28 b16964303520

ඡායාරූප අජිත් සෙනවිරත්න

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න