Image

ලක්ෂ 10ක  අල්ලසක් ගත් ග්‍රාම නිලධාරියා ජුනි මස  9වෙනි දා දක්වා යළි රිමාන්ඩ්

ලක්ෂ 10ක  අල්ලසක් ගත් ග්‍රාම නිලධාරියා ජුනි මස  9වෙනි දා දක්වා යළි රිමාන්ඩ්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයකු ගේ නිවෙසට  සිදුව ඇති පුර්ණ හානිය  වෙනුවෙන්  රජයෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලට අදාළ පළමු වාරිකය  ලබා ගැනිමේ දී  එම පුද්ගලයාගෙන්  ලක්ෂ 10ක  අල්ලස්

මුදලක් ඉල්ලා ලබා ගත් බවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තණමල්විල  ප්‍රදේශිය  ලේකම් කාර්යාලයේ  ග්‍රාම නිලධාරීවරයෙකු ඇතුළු අනෙක් පුද්ගලයා   ලබන ජුනි මස  9වෙනි දා දක්වා යළිත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  අද (25) නියෝග කළේ ය.

සිද්ධියට අදාළ සැකකරු බන්ධනාගාරය විසින් අද අධිකරණයට ඉදිරිපත් කිරනු ලැබීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම  නියෝගය කළේ ය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ තණමල්විල    ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  ග්‍රාම නිලධාරියකු වන   වි .ජි. නිමල්  නමැති පුද්ගලයා සහ සිවිල් පුද්ගලයකු වන කෘස් වින්ස්ටන් යන දෙදෙනා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න