Image

යල් පැනගිය තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂක උපකරණ තොගයක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවලා

යල් පැනගිය තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂක උපකරණ තොගයක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවලා

රෝහල්වල විකිරණ අංශවල භාවිතා කරන විකිරණ ආරක්ෂිත කබා සහ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් 2026 මාර්තු මාසයේ දී ටෙන්ඩර් කැඳවා ඇත. මෙලෙස මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇති අයිතමවල වටිනාකම රුපියල් කෝටි 4 ට වඩා වැඩි බව ප්‍රකාශ වේ.

සාමාන්‍යයෙන් රෝහල් පද්ධතිය තුළ හෘද කැතීටරකරණ ඒකක සහ ශල්‍යාගාර බඳු විකිරණ භාවිතාවෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන ඒකකවල වෛද්‍යවරුන් ගේ, විකිරණ තාක්ෂණවේදීන් ගේ සහ අනෙකුත් කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා මෙම විශේෂිත විකිරණ ආරක්ෂිත උපකරණ භාවිත කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ටෙන්ඩර් කැඳවා ඇති මෙම විකිරණ ආරක්ෂිත උපකරණ මිලදී ගැනීමට සූදානම් වනුයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සකස් කරනු ලැබූ පැරණි තාක්ෂණයෙන් යුතු උපකරණවලට අදාළ පිරිවිතර ලැයිස්තුවකට (Specification List) අනුවයි. නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ පැරණි ඒවාට වඩා, දිගු කාලයක් පාවිච්චි කළ හැකි අතර ආරක්‍ෂාවෙන් වැඩි සහ බරින් අඩු ඒවා වෙයි. ඒ අනුව මෙම නව තාක්ෂණයෙන් යුතු උපකරණ මගින් කාර්ය මණ්ඩලයට වැඩි ආරක්ෂාවක් සහ වරින් අඩුවීම හේතුවෙන් දවස පුරා සිදු කරන පරීක්ෂණවලදී පහසුවෙන් සම කටයුතු සිදුකර ගත හැකි වෙයි.

මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කළ ද මෙම නව තාක්ෂණයෙන් යුතු උපකරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය පිරිවිතර (Specifications) ලේඛනය සකස් නොකිරීම කණගාටුවට කරුණක් වී තිබේ.

මෙම ටෙන්ඩර් කැඳවීම යටතේ විකිරණ ආරක්ෂිත කබා 670ක්, විකිරණ ආරක්ෂිත හිස ආවරණ 250, ආරක්ෂිත කණ්ණාඩි 260, තයිරොයිඩ් ආරක්ෂක 500 ඇතුළු විශාල උපකරණ තොගයක් මිලදී ගැනීමට අපේක්ෂා කර ඇත. මෙම ගැටලුව සම්බන්ධව කඩිනම් අවධානය යොමු කර කාර්ය මණ්ඩලයට පහසුවෙන් කටයුතු සිදුකිරීම සඳහා සහ කල්පැවැත්මෙන් යුතු නවීන තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂිත උපකරණ ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් සංගමය විසින් සිදු කර ඇත. කෙසේ නමුත් දැනට ලැබෙන තොරතුරු අනුව කැඳවූ ටෙන්ඩරයට අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බවත් පැරණි තාක්ෂණයෙන් යුතු උපකරණම මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් වාර්තා වී තිබේ.

මේ ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න