ඇප මත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඔහු ඇප මත මුදා හැර තිබුණේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද (26 )ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.
තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බැවින්, ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස සැකකරුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
අදාළ ඉල්ලීම පිළිබඳ සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මස 02වන දා දක්වා තාවකාලිකව ලිහිල් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
