පල්ලේගම හේමරතන හාමුදුරුවන් යනු සමස්ත බුද්ධ ශාසනයම නොවන්නේ යැයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පැවසී ය. එම හිමි මෙම අදහස් ප්‍රකාශ කලේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩු දුරටත් අදහස් දක්වමින් කස්සප හිමි පැවසුවේ පල්ලේගම හේමරතන හිමමි ශාසනයේ වැඩ වසන එකම භික්ෂුව පමණක් නොවන අතර උන්වහන්සේ ඉලක්ක කර ගනිමින් බුද්ධ ශාසනයටම පහර එල්ල කිරීම වැරදි සහගත බව යි.
තව ද පල්ලේගම හේමරතන හිමි මේ වන තෙක් අධිකරණයෙන් වැරදිකරුවකු බවට පත්ව නොමැති බවත්, එවැනි ආකාරයක යම් දූෂණයක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව ද කස්සප හිමි පැවසී ය.
භික්ෂූන් වහන්සේලා ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනයට අනුව භික්ෂූන් වහන්සේලාගේ ගැටලු විසඳිය යුතු බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය යටතේ සංඝාධිකරණ පිහිටවිය හැකි වුව ද, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින් මෙතෙක් සම්පාදනය කර නොමැති බව ද කස්සප හිමි පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
