Image

මනුෂ නානායක්කාර ගේ විදෙස් ගමන් පිළිබඳ තීරණය කල් යයි

මනුෂ නානායක්කාර ගේ විදෙස් ගමන් පිළිබඳ තීරණය කල් යයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව

අල්ලස් කොමිසම ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (26) අල්ලස් කොමිසමට නියෝග කළේය.

සැකකාර මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.

තම සේවා දායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යෑමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය විසින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව  ලිහිල් කරන එහි දී සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ ය.

ඉදිරි දින අල්ලස් කොමිසමේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින දෙපාර්ශවයේ කරුණු විමසා සුදුසු නියෝගයක් අධිකරණය විසින් ලබාදෙන බව සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න