2022 වසරේ ජූලි මස 14වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ඇතුළු වීමක් සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටි කාශ්‍යප හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාසයට අද (27) නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, ප්‍රවීණ නිළි දමිතා අබේරත්න, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් , ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ, එරංග ගුණසේකර ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 43 දෙනෙක් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී පෙනී සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
