ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් සහ උප තානාපති ලී වැන් හොන්ග් අතර හමුවක් ඊයේ (26) පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුකෙරිණි.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ පසුගියදා වියට්නාම් ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ගේ සංචාරය පිළිබඳ සාකච්ඡා කිරීම ය.
මෙහි දී ශ්‍රී ලංකාවේ කළ සංචාරය සම්බන්ධයෙන් ටෝ ලාම් ඉහළ ප්‍රසාදයක් පළ කළ බවත්, එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සමග වියට්නාමයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා විස්තීර්ණ හවුල්කාරීත්ව මට්ටමට වර්ධනය කරගැනීමට හැකි වූ බව තානාපතිනිය විසින් ප්‍රකාශ කරන ලදී.
එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සිදුකරන කටයුතු, ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, විද්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාවේ ප්‍රගතිය යන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
තව ද වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මැතිතුමා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා වෙත එවන ලද සිහිවටනය පිළිගැන්වීමද මෙම අවස්ථාවේ තානාපතිතුමිය විසින් සිදුකරන ලදී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
