2026 වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් 2026 මැයි 30 සහ 31 යන දෙදින සියලු ම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.
ඒ අනුව 2026.05.29 වන දින මත්පැන්හල් වසන වේලාවේ සිට 2026.06.01 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සියලු ම මත්පැන්හල් වසා තැබිය යුතු බවට එම නිවේදනයේ දක්වා ඇත.
2026.05.30 සහ 2026.05.31 යන දිනයන්හිදී සුරා බදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන යම් සුරා බදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 කෙටි අංකය ඔස්සේ හෝ nicoptroom @excise.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එසේ බලපත්‍ර කොන්දේසි කඩ කරන යම් බලපත්‍ර ලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලු ම සුරා බදු නිලධාරීන් වෙතඋපදෙස් දී ඇති බව ද වැඩිදුරටත් සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
