Image

Rebuilding Sri Lanka රු. බිලියන 6ක් අතුරුදන්...?

Rebuilding Sri Lanka රු. බිලියන 6ක් අතුරුදන්...?

"ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ" (Rebuilding Sri Lanka) විශේෂ රාජ්‍ය අරමුදල වෙත රුපියල් බිලියන 6.1 කට අධික දේශීය මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක දැවැන්ත විදේශීය ආධාර මුදලක් ගලාවිත් ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය (Presidential Secretariat) නිල වශයෙන් තහවුරු කර තිබුණ ද, එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ කිසිදු නිල තොරතුරක් හෝ විගණන වාර්තාවක් නොමැති බව පැවසේ.

තොරතුරු ලබා ගැනීමට නොහැකියි708537424 122148106539053196 7943451844181168574 n 1

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) යටතේ කරන ලද නිල විමසීමක දී, අදාළ අරමුදලට මුදල් පරිත්‍යාග කළ දායකයින් ගේ: ලේඛන (Donor lists), මුදල් බෙදාහැරීම්, ප්‍රතිලාභීන්, ප්‍රසම්පාදන විස්තර, කොන්ත්‍රාත්කරුවන් සහ ප්‍රගති නිරීක්ෂණ වාර්තා පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිය ද, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පවසා ඇත්තේ එවැනි කිසිදු තොරතුරක් "ලබාගත නොහැකි" (Not available) මට්ටමේ පවතින බවයි. වඩාත්ම විස්මයට කරුණ වන්නේ මෙම බිලියන ගණනක මහජන අරමුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල "විගණන වාර්තාවක්" (No audit reports) පවා නොමැති බව රජයේ බලධාරීන් ම ප්‍රකාශ කිරීම ය.

පක්ෂ අරමුදලට ද, මැතිවරණ කටයුතුවලට ද...?

මෙම මූල්‍ය අපැහැදිලිභාවය හේතුවෙන් වත්මන් ජාතික ජන බලවේග රජය ද පසුගිය පාලකයන් මෙන්ම මූල්‍ය විනිවිදභාවයකින් තොරව කටයුතු කරන බවට සිවිල් ක්‍රියාකාරීහු සහ දේශපාලන පක්ෂ චෝදනා කරති. මෙම අතිදැවැන්ත මහජන මුදල් කන්දරාවට සැබවින්ම සිදුවූයේ කුමක්දැයි ප්‍රශ්න කරන විචාරකයින්, මේවා පක්ෂ දේශපාලන කටයුතු සඳහා හෝ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් වංචනික ලෙස වෙන්කර තබාගෙන ඇත්දැයි බරපතළ සැකයක් මතු කරන බව ඔවුන් ගේ මතය යි. මෙම අත්තනෝමතික ක්‍රියාපිළිවෙතට එරෙහිව අදාළ වගකිවයුතු නිලධාරියා වෙත වහාම අභියාචනයක් ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව මෙම සමස්ත මූල්‍ය වංචාව අධිකරණය (Court) හමුවට ගෙන යාමටත් සිවිල් ක්‍රියාකාරීන් මේ වන විට නීතිමය පියවර ගනිමින් සිටින අතර, තමන් ගෙවන සෑම රුපියලකට ම වගකීමක් සහ විනිවිදභාවයක් ලැබීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහ පුරවැසියන්ට පූර්ණ අයිතියක් ඇති බව ඔවුහු දැඩිව අවධාරණය කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න