Image

අටමස්ථානාධිපති සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ගේ තීරණය

අටමස්ථානාධිපති සිද්ධිය සම්බන්ධයෙන් ජනපති ගේ තීරණය

1931 දේවාලගම් පනතෙහි 41 සහ 42 වගන්තිය සංශෝධනය කරන්නැයි ඕමල්පේ සෝභිත හිමි තමා ගෙන් ඉල්ලා සිටියේ යැයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 2026 වෙසක් මහෝත්සවය සමාරම්භක අවස්ථාවේ දී ය.

එමතු නොව භික්ෂුන් වහන්සේලාගේ වැරැදි වැළැක්වීම සඳහා නැවත ධර්මාධිකරණය පිහිටුවන්නැයි කියා උන්වහන්සේ ඉල්ලා සිටි බව ද ජනාධිපතිවරයා පැවසී ය.

යට කී 41 සහ 42 වගන්තිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය සංකල්ප පත්‍රිකාවක් මේ වන විට බුද්ධ ශාසනථ ආගමික සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළේ ය.මේ සියලු කාරණා ජනාධිපතිවරයා සිහිපත් කළේ පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් මේ වන විට රටේ උද්ගත වී ඇති තත්වය සලකා බව මතු පළ වන වීඩියෝව නැරඹීමෙන් ඔබට පසක් කරගත හැකි ය.

රට තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේදී ආගමික ප්‍රබෝධයක්ද අත්‍යවශ්‍යයි...

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න