Image

20,730,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන්  14ක් අත් අඩංගුවට

20,730,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයන්  14ක් අත් අඩංගුවට

නීති විරෝධී අයුරින් රුපියල්  20,730,000ක් වටිනා විදේශීය සිගරට්  පෙට්ටි මෙරටට ගෙනා  (කූරු 138,200) චීන ජාතිකයින්  14 දෙනෙක් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල රේගු නිලධාරින් සිය භාරයට ගෙන ඇත.

 ව්‍යාපාරික සේවකයින් ලෙස පවසමින් OD 297 ගුවන් යානයෙන් පසුගිය 28 වනදා පැය 01.30 මෙරටට පැමිණි චීන ජාතිකයින් ගුවන් තොටුපළ හරිත නාලිකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සම්බන්ධයෙන් සැක සිතී සිදු කළ පරීක්ෂාවක දී ඔවුන් ගෙනා ගමන් මලු තුළ සඟවා තිබියි දී මෙම සිගරට් සොයා ගෙන ඇත.

සිගරට් තොගය ගමන් මලු 14 ක තිබී රේගුබාරයට ගෙන ඇති අතර රේගු පරීක්ෂනයෙන් අනතුරුව සිගරට් තොගය රාජසන්තක කිරිමටත් චීන ජාතිකයන්ට දඩ මුදල් නියම කිරීමටත් නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න