Image

සිතාසියක් ලද හොත් පමණක් අධිකරණයේ පෙනී සිටිනන්නැයි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම්ට දන්වයි

සිතාසියක් ලද හොත් පමණක් අධිකරණයේ පෙනී සිටිනන්නැයි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම්ට දන්වයි

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන දෙදෙනාට අධිකරණයෙන් සිතාසියක් ලද හොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන දැනුම් දුන්නේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංගමයේ සභාපති වන රජිව් අමරසූරිය අධිකරණය හමුවේ කරණු දැක්වූ අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 /5 වගන්තිය ප්‍රකාරව මෙම නීතිඥවරුන් දෙදෙනා මෙම මරණ පරීක්‍ෂණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍යතාවක් ඇත්දැයි අධිකරණයෙන් විමසා සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ ය.

''සාක්ෂි ආඥා පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති ආඥා පනත අනුව නීතිඥවරයෙකුට වෘත්තිය කටයුතු මෙහෙය වීමේ දී තම සේවා දායකයා සමග රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. තවද සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය අනුව නීතිඥවරයා වෘත්තීය කටයුතුවල දී රාහස්‍යභාවය ආරක්ෂා කළ යුතුයි. කපිල චන්ද්‍රසේන ගේ මරණය සම්බන්ධයෙන් හේතු සෙවීමට තමයි මෙම පරීක්‍ෂණය සිදුකරන්නේ. එම මරණ පරීක්ෂණයට ඔහු ගේ නීතිඥවරයා සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීමට තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක් මත ද යන්න මම අධිකරණයෙන් විමසා සිටිනවා'' යැයි රජීව් අමරසූරිය කරණු දක්වමින් අධිකරණයෙන් විමසා සිටියේ ය.

"තව ද අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනතේ 370/5 වගන්තිය ප්‍රකාරව වගකීමක් පැවරී තිබෙනවා සාක්ෂිකරුවෙක් පරීක්ෂණයට අදාල වෙනවාද නැද්ද සලකා බලන්න ඔබතුමා හට" යනුවෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න