2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න, කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
පසන් අමරසේන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ පොදු දේපළ පනත යටතේ සැකකරුවන් ලෙස නම් කරන බව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව මෝෂමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් වෙත දැනුම් දීමෙන් අනතුරුව ය.
එම සිද්ධියට අදාළව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය. සැකකරුවන් ට විදෙස් ගමන් තහනමක් ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලක වරයා වෙත දන්වා යවන ලෙසට නියෝග කළේ ය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් ටී ෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇති බවත්, එම T ෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිත කර ඇති බවත්, මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ සටහනකට මෙම T ෂර්ට් බෙදාහැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
