Image

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නෙ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට - නාමල් රාජපක්ෂ

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නෙ තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට - නාමල් රාජපක්ෂ

ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් අසල තබා ගෙන ඔවුන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගන්නවා. තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගෙන ඒ පීඩනය මේ රටේ ජනතාව මත පටවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 28වන දා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ය.

එම රැස්වීමේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

ජනතාව, මේ ආණ්ඩුවේ බොරුව සහ නොහැකියාව අවබෝධ කරගෙන ඉවරයි

''මං දැක්කා ජේවීපී එකේ ලේකම්වරයා කියනවා ඡන්දයක් මේ අවුරුද්දේ තියන්නේ නැහැයි කියලා. හැබැයි ජේවීපී එකේ ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ම කියනවා එහෙම එකක් නෑ කියලා. මං දන්නෙ නෑ දෙන්න ගෙන් ඇත්ත කියන්නේ කවුද කියලා ඒ දෙන්නගෙන් ඇත්ත කියන කෙනා කවුද කියලා ඒ දෙන්නා බේරගන්න ඕනේ. මොකද ඒක ඒ අයගේ පක්ෂේ ප්‍රශ්නයක්නේ. හැබැයි එහෙම තියෙද්දිත් අද අපි ගමින් ගමට යනකොට, කොට්ඨාසවලට යනකොට ජනතාව ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය තහවුරු කරමින් මේ ආණ්ඩුවේ බොරුව සහ ආණ්ඩුවේ නොහැකියාව අවබෝධ කරගනිමින් අද අපේ වටා විශාල පිරිසක් ඒකරාශී වෙනවා. මා ස්තූතිවන්ත වෙනවා ඔබට රෑ බෝ වෙච්ච වෙලාවෙත් කොට්ඨාස රැස්වීමත් එක්ක ඔබ සම්බන්ධ වීම පිළිබඳව. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බොරු කියලා බලයට ආපු ආණ්ඩුව, බොරු කියල බලයට ආවා විතරක් නෙවෙයි බලයට ඇවිල්ලා මේ රටේ ජනාධිපතිවරයා විදිහට කියන්නෙත් බොරු. අගමැති ඇමතිවරු විදිහට කියන්නෙත් බොරු අද තවමත් බොරු කියමින් රටේ ජනතාව රවට්ටා ගෙන රාජ්‍ය පාලනය කරගෙන යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

රටේ ජනතාව ගේ ආර්ථිකය එන්න එන්න වැටෙනවා

මං දැක්ක එක්කෙනෙක් කියනවා අවුරුදු විස්සක් බලයේ ඉන්න ඕනෙලු. ආණ්ඩුවට ඡන්දෙ දීලා අවුරුදු විස්සක් බලාගෙන ඉන්න ඕනෙලු සංවර්ධනය කරන්න. ජනාධිපතිවරයා කියනවා අපි වැටිලා නැහැලු වැටිලා නැත්නම් ඔය විදිහට කිය කිය යන්නේ මොකටද...? සමහරවිට පන්නපු කන්ටේනර් දිහා බැලුවම, බාල ගල් අඟුරු දිහා බැලුවම, හැකර් කෙනෙක් පැන්න කියන කතා දිහා බැලුවම, ජනතාවගේ පැත්තෙන් කෙසේ වෙතත් එයාලට නම් නැගලා ඇති. හැබැයි රටේ ජනතාව ගේ ආර්ථිකය නම් එන්න එන්න වැටෙනවා. මේක තමයි යථාර්ථය.අසීමිත බදුබරක් මේ රටේ ජනතාවට දරාගන්න බැරි බදු බරක් එක පැත්තකින් මේ රටේ ගොවියා විනාශ කරනවා සැලසුම් සහගතව.පිටින් ගෙනල්ලා කන්න දෙන තැනට සමාජීය පරිවර්තනයක් කරන්න මේ ආණ්ඩුව හදන්නේ. ආණ්ඩුව හිතනවා මේ රටේ ගොවියා රකිනවාට වඩා තමන්ට හිතවත් ව්‍යාපාරිකයෙක් රැකලා විදේශ ගොවියෙක් ආරක්ෂා කරන එක හොඳයි කියලා. එදා මොන ප්‍රශ්න තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුදු දහයක් තුන්සිය පනහට පොහොර මිටිය දුන්නා. මේ ආණ්ඩුව බලයට ආවේ ගොවියා රකිනවා කියලා අද පොහොර මිටිය කීයද දහ අටදාහයි විසිදාහයි එක එක තැන්වල එක එක ගම්වල එක එක ගණන්. සමහර ව්‍යාපාරිකයන්ට ඕන විදියට මිල හසුරවන්න දීල තියෙන්නෙ හැබැයි අනිත් පැත්තෙන් මොකක්ද අපි කෝවිඩ් 19 වසංගතය අවස්ථාවේ කන්න දෙකක් පොහොර නිකන් දුන්නා වගාව සඳහා. අපි හැමදාම විශ්වාස කරන්නේ මේ රටේ ගොවියා රැකෙන්න ඕන කියලා අද පොහොර මිටිය 18000කට විසි දාහට යනකොට වී කිලෝ එක කීය ද...? රුපියල් සීයයි 110 අතර යන්නේ. හාල් දෙසිය විස්සයි වී සීයට අඩුයි එක එක ගම්වල එක එක ගණන් යන්නේ. ගොවියා ආරක්ෂා කරන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද .

ජනතාව පිට බදු බර පටවමින් ආණ්ඩුව තමන්ගේ අත හෝදා ගන්නවා

කර්මාන්ත ශාලාවැහෙනවා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ගේ ආසනයේ අදත් කර්මාන්තශාලාවක් වැහෙනවා. ආණ්ඩුව හාම්පුතා ගේ පැත්ත ගන්නව මිසක් සේවකයගේ පැත්ත ගන්නේ නැහැ. ඒ වැහෙන කර්මාන්තශාලාවේ සේවකයා ගේ අයිතිය රැකගන්න ආණ්ඩුවේ මැදිහත්වීම මොකක් ද. පළවෙනි දේ තමයි ආණ්ඩුව කර්මාන්තශාලාව වැහෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන්න මැදිහත් වෙන්න ඕනේ. කර්මාන්තශාලා පවත්වාගෙන යන්න මැදිහත් වෙන්න බැරි නම් අඩුම ගානේ සේවකයා ගේ අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ. නෑ ආණ්ඩුව ගන්නවා ව්‍යාපාරිකයාගේ පැත්ත. ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් ළඟ තියාගෙන ඔවුන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගන්නවා. තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගත්තම මොකක්ද වෙන්නේ ඒ පීඩනය මේ රටේ ජනතාවට දෙනවා. බාල ගල් අඟුරු ගෙනාවා ඒකෙන් වෙන පාඩුව මකාගන්න ඩීසල් ගේන්න ඕනේ. ලෝකයේ වැඩිම ලංසුවට ඩීසල් මිලදී ගන්නවා. දවසකට ලීටර් ලක්ෂ හයක් අටක් අතර ප්‍රමාණයක් අමතරව දහනය කරන්න ඕනේ ගල් අඟුරු පාඩුව නිසා වෙච්ච හානිය වළක්වා ගන්න. ඒ පාඩුව ජනතාව මත දානවා අලුතෙන් ටෙන්ඩර් දෙනවා ඒ එන ටෙන්ඩර් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට දෙනවා. ඒ ගේන ගල් අඟුරු බාලයි කියලා කියනවා ආයෙත් ඒ පාඩුව ජනතාව පිට දානවා. ජනතාව පිට බදු බර පටවමින් ආණ්ඩුව තමන්ගේ අත හෝදා ගන්නවා.

රාජපක්ෂල හිරේ දැම්ම ම මිනිස්සුන් ගේ ප්‍රශ්න ටික විසඳෙනව ද...?

ජනතාව කෙරෙහි සංවේදීව බලන්නෑ අපේ හාමුදුරුවනේ. අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ජනතාවාදී තීන්දු තීරණ ගන්න මේ අමාරු වෙලාවෙ ජනතාව ගේ පැත්ත ගන්න. ජනතාවට සහනයක් දෙන්න, ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තැනටම මේ රටේ ආර්ථිකය හසුරුවන්න, ජීවන වියදම පාලනය කරන්න, ආණ්ඩුව බලහත්කාරයෙන් මේක පාලනය කරගෙන යනවා. අපට එකසිය පනස්නම දෙනෙක් ඉන්නවා ජනාධිපතිවරයෙක් ඉන්නවා කියලා බලහත්කාරයෙන් දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා. අද ගම්වල ජනතාවට ජීවන වියදමේ පීඩනය දැනෙන්න පටන් අරගෙන තියෙනවා.

ඖෂධ මිල අහස උසට නගින්නේ ඖෂධ හිඟය අනිත් පැත්තෙන් ගමේ ඩිස්පෙන්සරියට ගියාම ගමේ ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් නෑ. ඩිස්පෙන්සරයට ගියාම බෙහෙත් නෑ තියෙන බෙහෙතේ ගාණ වැඩියි දරාගන්න බෑ. හැබැයි මේවා පාලනය කරන්න ආණ්ඩුවේ මැදිහත්වීම මොකක්ද තවත් පැත්තකින් ආණ්ඩුව මොකක්ද කරන්නේ මේ සියල්ල ම වහගන්න පොලිසිය තමන්ට ඕන විදිහට හසුරවන්න පටන් අරගෙනන තියෙනවා. මර්ධනය ගේනවා දැන් රාජපක්ෂල හිරේ දාලා වැහුවම මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳෙනවනම් දාන්න ඒකෙ ප්‍රශ්නයක් නෑ. අපිට බොරු චෝදනා දාලා අපිව හිරේ දැම්මට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ.අපිව හිරේ දැම්මම බෙහෙත් නිකන් දෙනවනම් ප්‍රශ්නයක් නෑ .හැබැයි ඒක වෙන්නෙ නෑ.ඒකට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනෙ, ආයෝජකයෝ ගේන්න ඕනේ.විදේශ රටවල ආයෝජකයෝ ගෙනල්ලා මේ රටේ කර්මාන්තශාලා පටන් ගන්න ඕනේ.රැකියා උත්පාදනය කරන්න ඕනේ නූතන පරම්පරාවේ දරුවාට හරි යන විදියට තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච රැකියා අවස්ථාවන් අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ.ගොවියාට තාක්ෂණය දෙන්න ඕනෙ මේ කර්තව්‍යයන් ඉෂ්ට කරන්න බැරි ආණ්ඩුවක් අද තමන්ගේ බොරුව වහගන්න තවත් බොරුවක් කියනවා.

දැන් ඇත්තට ම ආණ්ඩුවක් තියෙනව ද...?

දිට්වා ආවා; ටකරමට ලක්ෂ දහයයි ගෙදරකට පනහයි ඉඩමකට පනහයි කිව්වා.කාට ද දුන්නේ.. හදපු ගෙවල් තියෙනව ද...? හැබැයි ඉතින් රටේ ජනාධිපති තනතුරට තියෙන ගෞරවයට මම මොකුත් කියන්නේ නෑ. ඒ නිසා අපි දන්නවා ඔබේ වේදනාව. අපි ඔබේ වේදනාව හඳුනාගත්ත දේශපාලන බලවේගයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැමදාම මේ රටේ ජනතාව එක්ක ජනතාව ගේ හද ගැස්මත් එක්ක දේශපාලනය කරේ. අපිට තේරෙනවා අපි දන්නවා මේ රටේ තියෙන ආර්ථික පීඩනය. ආණ්ඩුව හැමදාම ජනතාව පිට ඒ පීඩනය පටවනවා. 2005 ජනතාව ඔබ මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා බලයට ගෙනාව නිසා තමයි අවුරුදු තිහක යුද්ධය අවසන් කරේ; ත්‍රස්තවාදය අවසන් කරලා රටේ සංවර්ධනය ආරම්භ කළේ; ගම හැදුවේ; විදුලිය දුන්නේ; ගොවියා රැක්කේ; අධිවේගී මාර්ගය හැදුවේ; පාරවල් ටික හැදුවේ. අන්න එවැනි සංවර්ධන යුගයක් ආයිත් මේ මාතෘ භූමිය තුළ බිහි කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි යථාර්ථයක් බවට මේ මාතෘ භූමියේ නිර්මාණය කරමුයි කියන ආරාධනයත් ඔබ තමුන්නාන්සේලාට කරනවා. ඒ සඳහා ඔබ එකතුවෙන්න අත්වැල් බැදගන්න. ආණ්ඩුවේ මර්දනයට ආණ්ඩුවේ භීෂණයට ආණ්ඩුවේ දූෂණයට ආණ්ඩුවේ නොහැකියාවට එරෙහිව මේ රටේ ජනතාව පෙළ ගැහෙනවයි කියන එකත් කියමින් ඔබ තමුන්නාන්සේලාට ජයවේවායි සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතනවා."

namal 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න