Image

ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම ජුනි 02

ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම ජුනි 02

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවෙහි පුරෝගාමී ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීම ජුනි ‌02වන දින සවස 04.30ට කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේ දී පැවැත්වේ.

මෙම උත්සවයෙහි ප්‍රධානත්වය උසුලනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසිනි.

මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි.

ආචාර්ය චූලනී කොඩිකාර කෙටි හැඳින්විමක් කිරීමට නියමිත ය.

උත්සවය මෙහෙයවනු ලබන්නේ ආචාර්ය සසංක පෙරේරා විසිනි.

මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න