Image

වෙසක් පෝය නිමිත්තෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට

වෙසක් පෝය නිමිත්තෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද දිනය පුරා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණෙමින් සිටී.

වෙසක් පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. සීල දාන ආදී පුණ්‍ය  ක්‍රියා රැසක් ඊට අයත්ය . සෑම පෝය දිනක ම ක්‍රියාත්මක වන සීල ව්‍යාපාරය ඓතිහාසික මඟුල් මඩුවේ දී පැවැත්වේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබෙන අතර ඊට සමගාමීව සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මකය.

 nadeeka daya

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න