සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Mrs. Patricia Lázara Pego Guerra) අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී, ශ්‍රී ලංකාව සහ කියුබානු අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවර මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම් ගත වැඩපිළිවෙළ පිළිබඳවත් ද කරුණු පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සහ ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවක් බවත්, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික (Biotechnology) දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී උපකාර කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.
තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා අදහස් දක්වමින් කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබා දීම මෙන්ම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන කටයුතු ද මෙරට සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම මෙන්ම ශිෂ්‍යත්ව ආදී ක්ෂේත්‍රයන් හි නව ප්‍රවේශයන් පිළිබදව ද දීර්ඝව අදහස් දැක්වූවා ය.

කොවිඩ්-19 සමයේදී කියුබාව නිපදවූ 'Abdala' වැනි එන්නත් පිළිබඳවත්, අනුව ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවත් සාකච්ඡා කළ අතර, මෙරටට බලපෑ සුනාමි ව්‍යසනය ඇතුළු හදිසි ආපදා සහ හදිසි අවස්ථාවලදී අවශ්‍ය සහය ලබාදීමට හැකි වු බව ද තානාපතිනිය මෙහි දී සිහිපත් කළා ය.
සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බව ද ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා (Patricia Lázara Pego Guerra) මෙහි දී වැඩිදුරත් ප්‍රකාශ කළා ය.
මෙහි දී තානාපතිවරිය කියුබාවේ නිෂ්පාදිත ආපදා සහ හදිසි අවස්ථාවන්හි දී ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් බැහැරට ගොස් ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ අඩංගු ගමන් මල්ලක් ද අමාත්‍යවරයාට හඳුන්වා දුන්නා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
