Image

ඇතැම් රජවරු සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද සංඝයා වහන්සේලා ඝාතනය කළා - එජාප ය

ඇතැම් රජවරු සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද සංඝයා වහන්සේලා ඝාතනය කළා - එජාප ය

ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවල දී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළ බවත්, ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවල දී සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මෙලෙස සඳහන් කරන්නේ මාධය නිවේදනයක් නිකුත් කරමිනි.

බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනය බවත්, ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැති අතර අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්න ද යැයි එම නිවේදනයෙන් එක්සත් ජාතික පක්ෂය විමසයි.

මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න