ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය හුදෙක් කළමනාකරණ අර්බූදයක් නොව, දශක හතක් තිස්සේ අපව සිරකර තබාගෙන සිටින "පැරණි යථාර්ථයේ" (Old Reality) නිදන්ගත රෝග ලක්ෂණ සහ ජනප්‍රියවාදී දේශපාලනය විසින් එකී නිදන්ගත රෝග ලක්ෂණ උග්‍ර කරන ලද ව්‍යූහාත්මක බිඳවැටීමක ප්‍රතිඵලයක් බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.
එම සංවිධානය මේ බව අවධාරණය කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන නිමාවීමෙන් පසු, රට නැවතත් ස්වෛරී ණය පැහැර හැරීමේ (sovereign default) විෂම චක්‍රයකට වැටීම වැළැක්විය හැක්කේ, අප පැරණි ආර්ථික හා දේශපාලන යථාර්ථය සහමුලින්ම ප්‍රතික්ෂේප කර, ඵලදායිතාවය සහ ආයතනික විනය මත පදනම් වූ "නව තාර්කිකත්වයක්" (New Rational) වෙත මාරු වුවහොත් පමණක් යන බව ද දිනන දකුණ සාමුහිකයේ අවධාරණය කරයි.
මතු පළ වන්නේ දිනන දකුණ සාමුහිකය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
