Image

වර්ෂ 2030 වන විට තේ අපනයන ආදායම් ඉහළ නැංවීමේ සැලසුම්

වර්ෂ 2030 වන විට තේ අපනයන ආදායම් ඉහළ නැංවීමේ සැලසුම්

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයන ආදායම වර්ෂ 2030 වන විට ඩොලර් බිලියනයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සංවිධානයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ඊයේ (31) පැවති ජාතික නැවුම් තේ මංගල්‍යය සඳහා සහභාගී වෙමිනි.

වර්ෂ 2024 දී කිලෝ ග්රෑම් මිලියන 264 ක් වන  නිමි තේ දලු අපනයනය මගින් ඩොලර් බිලියන 1.5ක  ආදායමක් උපයන බවත්, නව රජය බලයට පත්වූ පසු තේ නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කළ බව ද හෙතෙම පැවසුවේය. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා  තේ අස්වැන්න පූජා කිරීම එහි දී සිදුවූ අතර පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා...

තේ සංස්කෘතියක් පවතින එකම රට ශ්‍රී ලංකාව

''සිලොන් ටී යන නාමයේ රැක ගැනීමට රජයක් වශයෙන්  නිරන්තරයෙන්ම කටයුතු කර කරනවා. ඒ වෙනුවෙන් මගේ අමාත්‍යාංශය තේ මණ්ඩලය ආදී ආයතන  සෘජුව දායක වෙනවා. අලුත් සහල් මංගල්‍යය හා සමාන මංගල්‍යයක් වශයෙන් නැවුම් තේ මංගල්‍යය හැඳින්විය හැකි යි. මෙවර එය පවත්වන්නේ නව වන වරට යි. ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතිය ලෝක උරුමයක් වශයෙන් නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් ලබා දී තිබෙනවා. එම සංවිධානය එය පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. තේ සංස්කෘතියක් පවතින එකම රට ශ්‍රී ලංකාව වන බැවින් එවැනි ලෝක උරුමයක් තේ සඳහා හිමිවිය යුතු යි. තේ අපනයනයෙන් මෙම වර්ෂයේ  පළමු මාස හතරක කාලය තුළ  ඩොලර් මිලියන 451.58ක ආදායමක් උත්පාදනය කළා. එම ආදායම ඉදිරියේ දී තවදුරටත් ඉහළ නැගීමට සැලසුම් කරනවා.''

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ, තේ මණ්ඩලයේ සභාපති ආර්. කේ. ඔබේසේකර, තේ කොමසාරිස් මහේෂ් ජයවර්ධන, තේ කර්මාන්තකරුවන් සහ තේ කර්මාන්තයේ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

nadeeka daya

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

vlcsnap 2026 05 31 19h46m00s182

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න