තෙල් මිල වැඩි කිරීමට ආණ්ඩුවට සිදු වී ඇත්තේ ඔවුන් ගෙන්වූ බාල ගල් අඟුරුවලින් රටට අවශය පමණට විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව ඒ වෙනුවට වැඩිපුර තෙල් දහනය කිරීමට සිදු වී ඇති බැවින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (31) නුගේගොඩ දී මාධ්‍ය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
කලින් නම් ඇහුවේ 'මිල වැඩි කරන්න ආණ්ඩු ඕන ද..?' කියල
''කලින් නම් ආණ්ඩුවලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිතුමාට කොමිස් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අද තෙල් මිල වැඩි වෙලා. තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන ප්‍රධානතම කාරණය තමයි බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. දවසකට ලීටර් ලක්ෂ හතක් අටක් වගේ ලීටර් ප්‍රමාණයක් දහනය කරන්න ඕන. ඒ වගේම තමයි ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී අරන් තියෙන්නේ. මේ රටේ ජනතාවට ඒ පාඩුව ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. රටේ ජනතාව ගෙන් ඇහුව නම් ආණ්ඩුව ගැන ජනතාව හරියට පිළිතුරක් ලබාදෙයි. මොකද පැහැදිලිවම ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නෑ. සියලු ම බර ජනතාව පිට දානවා කලින් නම් ඇහුවේ 'මිල වැඩි කරන්න ආණ්ඩු ඕන ද..?' කියල දැන් ඒ අය බලයට ඇවිල්ලා සියලු ම තමන්ගේ නොහැකියාවන්, වංචා දූෂණ පාඩු සියල්ල ජනතාව ගේ පිට පටවන බවක් පේනවා.
නඩු දිනයට 159 දෙනාට ම උසාවියට එන්න පුළුවන්
අතිගරු ජනාධිපතිතුමා ගෙන් අහන්න ඕන. මොක ද එතුමා නැති කරන වේදිකාවේ නඩු තීන්දු දෙනවා මේ රටේ ජනාධිපතිවරයා. දෙවෙනි එක තමයි නඩු දිනයට උසාවියට එන්න පුළුවන්. මං ආරාධනා කරනවා මාලිමාවේ එකසිය පනස් නම දෙනාට ම පාර්ලිමේන්තුවේ මං කතා කරනකොට ළඟට එනවා වගේ ඇවිල්ලා නඩු දිනයේදීත් වාඩිවෙලා හිටියොත් හොඳයි. මොකද එතකොට දැනගන්න පුළුවන් ඒ අයට ඇත්ත කතාවක් තැන් තැන්වල කියවන්නෙ නැතුව ඔය එකසිය පනස් නමදෙනා ම ඔය දවසට උසාවියට එන්න. එහෙම නැත්තං ඔයාල ගේ ජනාධිපතිතුමා ගෙන් ම අහන්න එයා නඩු තීරණ දෙනවා.
පළාත් සභාවල බලය ජනාධිපතිවරයා ගේ නියෝජිතයන් නව දෙනෙකුට දීලා
මැතිවරණයක් තියලා බලන්න තිබ්බොත් හොඳයි කියල මට හිතෙනවා. එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕන ප්‍රාදේශීය නායකයින් තෝරගන්න. ඒවගේ ම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලක ජනාධිපතිවරයා ගේ දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දීල තියෙනවා. ඒක දේශපාලන නියෝජිතයන් නව දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයින්ට දුන්නා නම් තමයි හොඳ. මොකද ඒ අය ජනතාවට වග කියනවා. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වුණා නේ. අනිත් අයත් ළං වෙන්න ළං වෙන්න ඉල්ලා අස්වෙවී. තම තමන්ගේ රටවල්වලට යයි. හැබැයි අවසානයේ වගකියන්න කෙනෙක් නැතිවෙයි.
අපි කරන්නේ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක
ආණ්ඩුව අවුරුදු තුන හමාරක් යනවද නැද්ද කියන එක නීත්‍යානුකූලව මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන කාරණයක් සහ මේ රටේ ජනතාව තීරණය කරන්න ඕන කාරණයක්. හැබැයි ඉතින් ආණ්ඩුව ඔය පුටුවේ වාඩිවෙලා ඉන්නකම් ඒ ආණ්ඩුවෙන් වැඩ ගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් අපි ආණ්ඩුවෙන් වැඩ ගන්නවා; ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙනවා; ආණ්ඩුව නොහැකියාව පෙන්නලා දෙනවා; ආණ්ඩුව මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනකන් අපි ආණ්ඩුව පිටිපස්සේ එක්ක හැප්පෙනවා.
අලුත්ම ගල් අඟුරු නැවත් රිජෙක්ට් වෙලා කියනවනේ. මොනව කරන්නද ඉතින් වැඩ බෑ නේද ?හොරකමයි වංචාවයි ගල් අඟුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් තව දවසකට මාව සීඅයිඩී එකට කැඳවයි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
