Image

කබ්රාල් ගේ නඩුව යළි කැඳවයි

කබ්රාල් ගේ නඩුව යළි කැඳවයි

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්ව ම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් 1,843.267,595.65 අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව අද විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ගේ සභාපතිත්වය එක් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (01) කැඳවිය.

එහිදී වසර 2018 දී අධිකරණ සංවිධාන සංශෝධිත පනත යටතේ පිහිටවූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් නොහැකි බව නීතිමය කරුණු දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේ ය.

මෙම සිද්ධිය වී ඇත්තේ 2011-2012 කාලයේදී බවත් ඉන් පසු 2018 දී අධිකරණ සංවිධාන සංශෝධිත පනත යටතේ පිහිටවූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් නොහැකි බවට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එදිරිව වීරරත්න නඩුවට අදාළ නීතිමය කරුණු අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී එම කරුණු වලට අනුව විරෝධතා මත දෙකක් තුළ ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර විත්ති පාර්ශ්වයේ ප්‍රතිවිරෝධතා සඳහා නඩුව ලබන ජුනි මස 30 කැඳවන ලෙස නියෝග කළේ ය.

මෙම නඩුකරය සභාපති විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය, උදේනි රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල යන විනිසුරුවරුන් හමුවේ කැඳවී ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසම පෙනී සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න