කපිල චන්ද්‍රසේන ගේ ජංගම දුරකථන FBI හරහා ඇමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා පියවර ගනිමින් සිටිනවා යැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්වා සිටියේ ය.
ඒමෙන් ම ඔහු ගේ මරණ පරීක්ෂණය සඳහා ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් සාක්ෂි සඳහා කැඳවීමට තීරණය කරමින් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන අද ඔවුන්ට සිතාසි නිකුත් කරා.
මරණකරුගේ නිවසේ තිබී හමු වු කොළ පැහැති හම් පටිය රජයේ රස පරීක්ෂක වරයා වෙත යැවීමට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අවසර ලැබිණි.
එසේම සාක්ෂි ආඥා පනතේ 126වගන්තිය ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ නීති අංක 31 දරණ ප්‍රතිපාදන ප්‍රකාරව කපිල චන්ද්‍රසේන නැමැති මරණකරුට ලබා දුන් අවවාදයක් හෝ ඔහු සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම් යන අය වෙත ලබා දුන් ලිඛිත හෝ වාචික කරුණු අනාවරණය නොකිරීමට තීරණය කළ බවද සිය නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ය.
19 සහ 20 සාක්ෂිකරුවන් ට සිතාසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් දෙදෙනාට සාක්ෂි ලබා දීම සඳහා ලබන ලබන 05 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නඩුව වැඩිදුර විභාගය සදහා එදින තෙක් කල් තැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
