සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ ගයනි ගුරුගේ විසින් රචිත 'ලිලිත්ලා' කෙටිකතා සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.
ජූනි 06 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
මෙම කෘතිය පිළිබඳ කතාබහේ දී: හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ, නිසංසලා ගම්ලත් සහ පැතුම් පුංචිහේවා ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිත ය. මෙවර පැවැත්වෙන 99 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසිනි.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහි දී 'ලිලිත්ලා' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්. 'ලිලිත්ලා' කෘතිය කියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'ලිලිත්ලා' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.
එහෙනම්, ජූනි 06 වැනි සෙනසුරාදා හමුවෙමු. The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ.
එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
