Image

විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් කළ වංචාව සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් කළ වංචාව සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්

විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීම මගින් රජයේ මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියේ විමර්ශන ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දෙන ලදී.

එම ගෙවීම් සිදු කළ නිලධාරීන් මුදල් ගෙවීමේ මුල් ගිවිසුමට අදාළව කිසිදු හරස් ප්‍රශ්නයක් නොකර අදාළ ඉන්වොයිසිය පත්වලට මුදල් ගෙවා ඇතැයි ඊට අදාළ දත්ත පද්ධතිය වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.

එමෙන්ම අදාළ ගනුදෙනුවට අදාළ පිටපත් කරන ලද  සර්වර් පද්ධතියේ දත්ත ඇතුළත් සීඩී තැටි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික අංශයට යොමු කර වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලයට නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 42දෙනෙකුගෙන් ප්‍රකාශ 88සටහන් කර ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර තිබූ සියදිවි නසා ගත් රංග රාජපක්ෂ යන අයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළේය.

ඉදිරි දින නීතිපති නියෝජනයක් යොමු කරන බවත් වැඩිදුර විමර්ශන සදහා දිනයක් ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න