Image

උතුරේ තරුණ සංගීතවේදියකු PTA පනත යටතේ අත්අඩංගුවට

උතුරේ තරුණ සංගීතවේදියකු PTA පනත යටතේ අත්අඩංගුවට

කිලිනොච්චියේ 24 හැවිරිදි තරුණ සංගීතඥ ගනේෂකුමාර් සංකීතන් (Ganesh Kumar Sankeethan), ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු කල වරද ලෙස හැඳින්වෙන්නේ යුද සමයේ මියගිය උතුරේ ජනතාව අනුස්මරණය කරමින්, ගීතයක් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම ය.

ඊයේ (02) මොහු අත් අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය පොලිසිය යි. අනතුරුව පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒහි දී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බඳු දැඩි නීති උපයෝගී කරගනිමින් කලාත්මක ප්‍රකාශන අයිතිය සහ අනුස්මරණ අයිතිය යනාදි මූලික මානව හිමිකම් පවා මර්දනය කිරීමට රජය උත්සාහ දරන බවට මේ වන විට උතුරු-නැගෙනහිර සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ලෙව පුරා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව කලාත්මක ප්‍රකාශන අයිතිය සහ මියගියවුන් සැමරීමේ මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

කලාවේ නාමයෙන් අදහස් ප්‍රකාශ කරන තරුණ පරපුර බිය ගැන්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවා දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති PTA පනත තවදුරටත් අවියක් කරගන්නා ආකාරය මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයින් ගේ මතය යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න