පාස්කු ඉරු දින ප්‍රහාරය මෙරට බුද්ධි අංශ විසින් සිදු කරන ලද්දක් බවට නිර්මාණය කර, එය තවදුරටත් වැඩි දියුණු කරමින් බීබීසී නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් මගින් එම ප්‍රහාරය මෙරට බුද්ධි අංශයේ හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ ගේ මෙහෙයවිමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ අරමුණින් සහරාන් ලවා සිදු කළ බවට අසත්‍ය ආඛ්‍යානයක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පස් දෙනෙකුට එරෙහිව ඇරැව්වල පන්නිපිටිය පදිංචි විශ්‍රාමික බලපන්ති ලුතිනන් ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක යන අය විසින් ගොනු කළ පුද්ගලික පැමිණිල්ල විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 17 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
පසුගිය අප්‍රේල් මස 09 වනදා ඔහු ගොනු කළ පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
මෙම පැමිණිල්ල මගින් දප්පුල ලිවේරා හිටපු නිතිපතිවරයා විසින් තමන්ට නොලැබුණු තොරතුරු මත රට තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කළ බවත්, අලුත් සාක්ෂි නැතිව පදනම් විරහිතව පුද්ගලයින්ට චෝදනා එල්ල කරන ජූඩ් රොහාන් පියතුමාට ද අසාද් මවුලවී ගේ බවට කූට ලේඛනයක් ඉදිරිපත් කළ සිරිල් ගාමිණි පියතුමාට මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
