Image

අම්පාර දිස්ත්‍රික්කයේ කම්පන සිදුවීමක්; 14 හැවිරිදි කුඩා භික්ෂුව සම්බන්ධ විමර්ශන

අම්පාර දිස්ත්‍රික්කයේ කම්පන සිදුවීමක්; 14 හැවිරිදි කුඩා භික්ෂුව සම්බන්ධ විමර්ශන

අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යමකඳවුරු පොලිස් වසමට අයත් සුගන්ධගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදුවූ බව කියන කම්පනකාරී සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

14 හැවිරිදි කුඩා භික්ෂුවකට දිගින් දිගටම ලිංගික අපයෝජනය කළ බවට සැකකෙරෙන 41 හැවිරිදි භික්ෂුවක් මධ්‍ය කඳවුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය හෙළිවී ඇත්තේ, විහාරස්ථානයේ රැඳී සිටි කුඩා භික්ෂුන් පස් දෙනා ගෙන් තුන් දෙනකු පසුගිය දිනවල පලා ගොස් ඇති බව ගම්වාසීන් දැනගත් පසු විහාරස්ථානය ඉදිරියේ විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ දී ය.

ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවල දී මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව වාර්තා වේ.

බලපෑමට ලක්වූ බව කියන කුඩා භික්ෂුන් දෙදෙනකු පොලීසියට ප්‍රකාශ ලබාදී ඇති අතර, 14 හැවිරිදි භික්ෂුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා අම්පාර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ඇත.

සැකකරු පළමුව සැඟවී සිට ඇති අතර පසුව තවත් භික්ෂුවක් සමග මධ්‍ය කඳවුරු පොලීසියට භාරවී ඇති බවද සඳහන් වේ.

අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකාර භික්ෂුව ඊයේ (03) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ළමා ආරක්ෂාව පිළිබඳව සමාජය තුළ වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

Sisira Denipitiya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න