Image

මහනුවර පොත් දැක්ම; ජූනි මස 29 සිට ජූලි මස 05 දක්වා

මහනුවර පොත් දැක්ම; ජූනි මස 29 සිට ජූලි මස 05 දක්වා

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19 වරටත් සංවිධානය කරනු ලබන මහනුවර පොත් දැක්ම 2026 කන්ද උඩරට මහා පොත් මංගල්‍යය, මෙවරත් ජූනි මස 29 දින සිට ජූලි මස 05 දින දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙවර මහනුවර පොත් දැක්මෙහි ප්‍රධාන අනුග්‍රාහකයින් වනුයේ සුසර ප්‍රකාශන ආයතනයයි. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එම්ඩී ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන, සුභා ප්‍රකාශන යන ආයතනය දායකත්වය දක්වයි. රන් අනුග්‍රාහකයින් ලෙස ආකර්ශා, අයි බී එම් සී, ඉමාෂි, ජෙයා බුක්සෙන්ටර්, මියුසස්, සමනල දැනුම සහ සමගි ප්‍රකාශන ආයතන අනුග්‍රහය දක්වයි. සත්කාරක අනුග්‍රාහක ලෙස බුක් ස්ටුඩියෝ ආයතනයත්, මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස දෙරණ ටීවී ආයතනයත් දායකත්වය දරයි. සුපුරුදු ලෙස සම සංවිධායකින් ලෙස කැන්ඩි සිටිසෙන්ටර් ආයතනය අනුග්‍රහය දරයි.

වසරකට වරක් කන්ද උඩරටදී පැවැත්වෙන මෙම මහා පොත් මංගල්‍යයට ඔබ සැමට ආරාධනා...

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය

මහනුවර පොත් ප් රදර්ශනය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න