Image

ජීවිත 12ක් අහිමි වුණ අඟුරුවාතොට ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව

ජීවිත 12ක් අහිමි වුණ අඟුරුවාතොට ඛේදවාචකයේ අභ්‍යන්තර කතාව

අපේ රටේ වැඩිහිටි ජීවිතය කියන්නෙ ම ප්‍රශ්න කප්පරක්. රටේ වැඩිහිටි ජනගහණය 20% කිට්ටු වෙන්න එනවා. වැඩිහිටියන්, විශේෂ අවශ්‍යතා ඇති පිරිස් සම්බන්ධ කලාපය අපි කැමති වුණත් නැති වුණත් වෙළෙඳපොළක් විදිහට විවෘත වෙලා තියනවා.

විධිමත් නියාමනයක් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීමයි ප්‍රධානතම ප්‍රශ්නය

ජීවිත 12ක් අහිමි වුණ අඟුරුවාතොට ඛේදවාචකය ඇතුළෙ තියන කතාවත් එහෙම එකක්. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේවත් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වුණ එකක් වුණු අවස්ථා ගණනාවක දී ප්‍රාදේශීය ලේකම්වරිය මෙහි අයිතිකරු ගෙන්වා අවවාද කර තිබෙනවා. ඔහු එය නොසලකා හැර ඇති බව තහවුරුයි. බලතල අනුව ඔහුව දැනුවත් කිරීමට එහා ගිය දෙයක් ඇයට කරන්නටත් බෑ.

ප්‍රාදේශීය ලේකම්වරිය ගේ දැනුම්දීම් නොසැලකුවත් මෙහි හිමිකරු ලක්ෂ ගණනක ෆෑන් බේස් එකක් නඩත්තු කරගෙන ගිහින් තියන බව නම් පේනවා. ඒ වගේ ම හිතාගන්න බැරි තරම් ආචාරධර්මවිරෝධී විදිහට මෙම නිවාසයේ රඳවාගෙන සිටි අයව කැමරාවට නිරාවරණය කරලා තියනවා. මානුෂීය බව, ආචාරධර්ම වගෙ දේවල් කතාකරන එකට වඩා මෙතන දි වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය වෙනුවෙන් මේ දක්වා සවිමත් නියාමන නීති නොපවතින බව සාකච්ඡා කරන එක වැදගත්.

රජයේ ලියාපදිංචි වැඩිහිටි නිවාස 500කටත් අඩුයි

සියලුම වැඩිහිටි නිවාස 2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙලා තියන්න ඕන කියන එක ප්‍රධාන නීතියක්. රජය ඍජුව ම පවත්වගෙන යන වැඩිහිටි නිවාස තියන්නෙ, 6ක් විතරයි. ඒ වගේ ම දිවයින පුරා ක්‍රියාත්මක වන මෙවැනි ස්ථාන රජයේ ලියාපදිංචි වෙලා තියන්නෙ 500කටත් අඩු ප්‍රමාණයක්. හැමදාම මේ වගෙ දේවල් සම්බන්ධයෙන් ඇති වෙන කතිකාවන් සිද්ධිවාචකවලට සීමා වෙලා වෙනත් සිදුවීමක් ආවම ඒක යටපත් වෙනවා.

හැඟීම්බර වාගාලාප අභිභවන ප්‍රශ්නයක්

ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් වැඩිහිටි ප්‍රජාව ගැන විධිමත් ලෙස සැලකිල්ලක් දක්වලා තියනවා. ඔවුන් යෝජනා කරනවා, ජාත්‍යන්තර ප්‍රමිතියේ වැඩිහිටි නිවාස පද්ධතියක්. ඒවා ක්‍රියාත්මක වීම සිදු විය යුතුවා වගේ ම දැනට පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන නියාමනය කිරීම අතිශය වැදගත්.

දෙමාපියන් - සහ විශේෂ අවශ්‍යතා සහිත අය මෙවැනි නිවාසවලට භාර දීමේ අවුල ගැන හැඟීම්බර වාගාලාපවලට එහා ගිය ලොකු ප්‍රශ්නයක් මේ වැඩිහිටි ප්‍රජාව සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව සම්බන්ධයෙන් දැනටත් රටේ තියනවා. ඒ ගැන කතා කරන්න හඬක් ඔවුන්ට නෑ. මාධ්‍යයක් ඔවුන්ට නෑ.

මතු පළ වන්නේ මේ පිලිබඳ Inside voice කළ කතාබහ අන්තර්ගත විඩියෝව යි.


 

Sandun Priyankara Vithanage

 

  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න