Image

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට Buggy Cart රථ දහයක පරිත්‍යාගයක්

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට Buggy Cart රථ දහයක පරිත්‍යාගයක්

පරිසර දින සැමරුම් සතියට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විද්‍යුත් ආරෝපණ Buggy Cart රථ දහයක් පරිත්‍යාග කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු කෙරිණි.

මෙම රථ භාරදීම සිදු කළේ එම පරිශ්‍රයේ පැවැති ආයුර්වේද සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාප්ති දිනයේ දී ය.

විද්‍යුත් වාහන (EV) ලබා දීම නව රජය යටතේ සිදු කළේ දෛනිකව දේශීය හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන උද්භිද උද්‍යානයේ ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂම කිරීම  අරමුණෙන් සහ උද්භිද උද්‍යානයට  දීර්ඝ කාලයක් පුරා පැවති අවශ්‍යතාවයක් සපුරාලීමේ  වැඩපිළිවෙළක් ලෙස බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේය.

පරිසර හිතකාමී විද්‍යුත් වාහන සංචාරක කලාප තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ඉදිරියේදී එම කලාප “ශුන්‍ය විමෝචන (Emission Zero)” කලාප බවට පරිවර්තනය කිරීමේ අරමුණින් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක ඇතුළු මහජන නියෝජිතයන් සහ උද්භිද උද්‍යානය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න