Image

රෝගී පහසුව සඳහා සීදූව විජය කුමාරතුංග රෝහල මුළුමනින් ම ඩිජිටල්කරණය කළා - චන්ද්‍රිකා කුමාරතුංග

රෝගී පහසුව සඳහා සීදූව විජය කුමාරතුංග රෝහල මුළුමනින් ම ඩිජිටල්කරණය කළා - චන්ද්‍රිකා කුමාරතුංග

සීදූව විජය කුමාරතුංග රෝහල සීදූව ප්‍රදේශයේ තියෙන මූලික රෝහලක් බවට පත්වී හමාර බවත්, නමුත් මෙහි තව විශේෂිත වූ දේවල් ඉටුකර ගැනීමට තිබෙන බැවින් අක්ෂි සායනයේ සහ අනිකුත් සායනවල රෝගීන්ගේ පහසුව පිණිස ඩිජිටල්කරණය කිරීමට තීරණය කළා යැයි හිටප ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පැවසුවා ය.

හිටපු ජනපතිනිය මෙම අදහස් පළ කළේ  04 වැනිදා සීදූව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි සායනය සහ අනිකුත් සායන ඩිජිටල්කරණය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙම ඩිජිටල්කරණ කටයුතු සඳහා මිලියන තුනක් මේ වනවිට වැයකර ඇති බවත්, එම මුදල රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික නීල් උමගිලිය විසින් පරිත්‍යාගයක් ලෙස රෝහල වෙත පරිත්‍යාග කරබු ලැබ ඇති බවත්, ඒ අනුව ඩිජිටල්කරණය කිරීම අවසන් කර එම සේවය රෝගී ජනතාවට පසු ගිය හතරවන දින සිට ලබාදීමට හැකි වන බව හිටපු ජනපතිනිය පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න