ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යන යන සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක් බැගින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය දැඩිව අවධානය යොමු කර සිටින බව එම සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් නිශ්චිතව වයස් සීමාවක් දක්වා ඇත්තේ ව්‍යවස්ථානුකූල පදනමකින් බව අවධාරණය කරන අතර ම එකී සීමා ප්‍රබල සහ යුක්ති සහගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනමකින් තොරව විධායකය හෝ ව්‍යවස්ථාදායකය විසින් සංශෝධනය කිරීම අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්‍ෂපාතීත්තවය සම්බන්ධයෙන් මහජන විශ්වාසය කඩවීමට හේතුවන බවත්, අධිකරණ ක්‍ෂේත්‍රයේ හෝ රටේ වෙනත් ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික ක්‍ෂේත්‍රයක් සම්බන්ධයෙන් විශ්‍රාම වයස තීරණය කිරීම දත්ත හා සංඛ්‍යාලේඛන මත පදනම්වූ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා සිදුකළ යුතු බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සදහන් වේ.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
