Image

2025 ග්‍රේෂන් සම්මානය විසාකේස චන්ද්‍රසේකරම්ට!

2025 ග්‍රේෂන් සම්මානය විසාකේස චන්ද්‍රසේකරම්ට!

ජුනි 06 ග්‍රේෂන් භාරය (Gratiaen Trust) විසින් නිල වශයෙන් නිවේදනය කරන ලද පරිදි, 2025 වසර සඳහා වන ග්‍රේෂන් සම්මානය (Gratiaen Prize) දිනා ගැනීමට විසාකේස චන්ද්‍රසේකරම් මහතා සමත්ව තිබේ.

මෙවර සම්මානය සඳහා නිර්දේශිත අවසන් නාමලේඛනයට (Shortlist) සුවිශේෂී කෘති කිහිපයක්ම ඇතුළත් වූ අතර, ඒ සියල්ල අභිබවා විසාකේස චන්ද්‍රසේකරම්ගේ නිර්මාණය කැපී පෙනුණේ එහි ඇති අපූර්වතම නිර්මාණශීලිත්වය, විශිෂ්ට සාහිත්‍යමය ගුණය සහ නිපුණත්වය නිසා බව ග්‍රේෂන් භාරය සඳහන් කරයි.

33 වැනි ග්‍රේෂන් සම්මාන උළෙලේ අවසන් වටය සඳහා නිර්දේශ වූ කෘති වන්නේ Dear Father; The Refugee – ඇලන් ද කොස්තා (Alan de Costa)
God, Bangles and a Constitution - අකෙලි අනුත්තරා (Ekeli Anuththara)
In the Curve of the Smile– උවිනි අතුකෝරල (Uvini Atukorala) සහ The Son and the Lover– විශාකේස චන්ද්‍රසේකරම් (Visakesa Chandrasekaram) කෘතිය .

විසාකේස චන්ද්‍රසේකරම් මහතා මීට පෙර 1999 වසරේ දී ද ග්‍රේෂන් සම්මානයේ සම-ජයග්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත්‍ර විය. විසාකේස චන්ද්‍රසේකරම් මෙම සම්මානය දෙවරක් ලබන පළමු ලේඛකයා බවට පත්වීම ද විශේෂත්වයකි

ඔහු ලේඛකයෙකු පමණක් නොව සිනමාකරුවෙකු, මානව හිමිකම් නීතිඥයෙකු, ක්‍රියාකාරිකයෙකු, නාට්‍යවේදියෙකු, ගීත රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, වේදිකා රංගන ශිල්පියෙකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ද බහුකාර්ය දක්ෂතා පෙන්වූවෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ 'සය පෙති කුසුම' (Frangipani), 'පාංශු' (Paangshu) සහ 'මුන්නෙල්' (Munnel) වැනි සිනමා නිර්මාණ ක්ෂේත්‍රය තුළ බෙහෙවින් ඇගයීමට ලක්විය.

719798490 10162983344353997 6304302229489076649 n 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න