Image

පොලිස්පතිවරයා කටයුතු කරන්නේ පැලවත්තට වුවමනා විදියට

පොලිස්පතිවරයා කටයුතු කරන්නේ පැලවත්තට වුවමනා විදියට

පොලිස් දෙපාර්තමේන්තුවේ අපකීර්තිමත්ම  පොලිස්පතිවරයා සිටින්නේ වර්තමානයේ බවත්  ඔහු කටයුතු කරන්නේ පැලවත්තට අවශ්‍ය ආකාරයට යැයි පොදු ජන එක්සත් පෙරමුණේ  නායකත්ව මණ්ඩල  සාමාජික සුගීස්වර බණ්ඩාර  පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීස්වර බණ්ඩාර...

ශානි සමස්ත බුද්ධි අංශය ම පාවා දීලා

''වර්තමානයේ, සුරේස් සලේට ආදරය කරන විශාල ජනතාවක් ඉන්නවා. ඔහුට නිසි පහසුකම් සපයලා  ප්‍රශ්න කරනවනම් ගැටලුවක් නැහැ. වර්තමානයේ තමයි  පොලිස් දෙපාර්තමේන්තුවේ අප කීර්තිමත් ම  පොලිස්පතිවරයා ඉන්නේ.  ඔහු පැලවත්තට ඕන ආකාරයට වැඩ කරන්නේ. සිරිල් ගාමිණී පියතුමා  කතා කරන්නේ කතෝලික ජනතාව වෙනුවෙන් නෙවෙයි.  ඔහුගේ දේශපාලන  න්‍යාය පත්‍රයට අනුව. අපි ඉල්ලා සිටිනවා  මේ ප්‍රශ්නය ගැන ඒ කෝණයෙන් බලන්න එපා. ඩයස්පෝරාව සතුටු කරන්න මේ දේවල් කරන්න එපා. යුද්ධයෙන් කරගන්න බැරිවුණ දේ වෙනත් ආකාරයට කරගන්නයි සූදානම. ඔය ඇමති පට්ටම් තාවකාලිකයි. මේ රජය තියෙන්නේ තව එක වෙසක් පෝයයි. රජය යතුර දීලා තියෙන්නේ සානිට; දැන් වැඩ වෙන්නේ සානිට ඕන විදිහට. සානි සමස්ත බුද්ධි අංශයෙන්ම පාවා දීලා තියෙන්නේ. ඊයේ දිනයේ පොලිසිය ක්‍රියා කළ ආකාරය අන්තිමයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න