Image

චින්තන ගේ ''ශෘගාරය'' පිටාර ගලයි

චින්තන ගේ ''ශෘගාරය'' පිටාර ගලයි

චින්තන ධර්මදාස විසින් සංස්කරණය කරනු ලබන ''ශෘංගාරය'' රොමැන්තික සඟරාව පසුගිය 09වන දා සන්ධ්‍යාවේ ජනගත කෙරිණ. මතු පළ වන්නේ ඒ සම්බන්ධයෙන් චින්තන සිය face book පිටුවෙහි තැබු සටහනක් සහ එම සුන්දර අවස්ථාවේ කැමරාවට හසු වූ දර්ශන (ඡායාරූප සහ වීඩියෝ) කිහිපයකි.

"ඊයෙ ශෘංගාර සගරාව එළිදැක්වුණා. ආරාධිත ඉතාම කුඩා මිතුරන් පිරිසක් ඒ සතුට බෙදා ගන්න එකතු වුණා. මේ ශෘංගාර හැන්දෑව වෙනුවෙන් මුලින්ම වැස්සට ස්තුතිවන්ත වෙන්න ඕන; නොවැස්සාට.

ඒ ලස්සන මුණගැසීම වෙනුවෙන් මේ අසිරිමත් පරිශ්‍රය ලබාදීම වෙනුවෙන් CoCA Art Space එකට ගොඩක්ම ස්තුතියි. එතන තියෙන intimate ගතියම සඟරාවෙ හැගීම දුන්නා.

මගේ ආරාධනාව පිළිඅරගෙන ආපු හඳයාට, ස්වර්ණාට, සැන්ඩ්‍රාට, සුමින්දට සහ තවත් බොහෝ සමීපතම මිතුරන්ට මගේ හදවතේ ගැඹුරුම තැනකින් ආදරෙයි කියනවා.

එන්න වුවමනාවෙන් ම හිටියත් විවිධ දේ නිසා එන්න බැරි වුණු මිතුරන්වත් ආදරෙන් සිහිපත් කරනවා.

මේ සඟරාව ලොකු පිරිසක ගේ මහන්සියක්. ඒ පිරිසට මම වඩාත්ම ගෞරව කරන්නෙ ‘සිදු නොවිය හැකි දේ’ විශ්වාස කළ නිසයි. කිසිසේත්ම පැවැත්මක් සලකුණු කිරීමට අපහසු ශෘංගාර සඟරාවක සිහිනය වෙනුවෙන් ඒ අය බොහෝ දේ දුන්නා. මේ සඟරාව ඒ තරම් පොහොසත් ඒ නිසයි.

මේ අතිශය ආක්ෂණීය මුද්‍රණය වෙනුවෙන් neo graphics ආයතනයට මගේ ප්‍රණාමය පළ කරන්න ඕන. සඟරාවක හැගීම කොළ මත සටහන් කිරීම කොයිතරම් නිර්මාණශීලී වැඩක් ද කියන එක මං දැක්කා.

ඒ මුණගැසීම රමණීය එකක්. ජීවිතයේ මෙහෙම පරිච්ඡේද කීපයක් තිබුණා නම් තෘප්තිමත් කියල මට කියන්න පුළුවන්."

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න