රට දිනෙන් දින ආර්ථික අර්බුදයක් කරා ගමන් කරන බවත්, නමුත් රට ආර්ථික කළමනාකරණය කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් නොපවත්වන්නේ යැයි සමගි ජනබලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (11) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ චරිත් අබේසිංහ...
''2000 වසරේදී ලංකාවේ ජන ගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙලෙන බවට වන වාර්තාවක් එළිදක්වා තිබුණා. 2025 වසර වනවිට ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට නැවත හෙළි වී තිබෙනවා. නමුත් ජාතික ජන බලවේගය බලය ලබා ගත්තේ රටේ ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කරලා. ඒ වගේම 2024 ආර්ථික වර්ධන වේගයට වඩා අඩු ආර්ථික වර්ධන වේගයක් මේ වනවිට පවතිනවා. කෙසේ නමුත් රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීම පිළිබඳව සාකච්ඡා නොකර වෙනත් මාතෘකා කතා කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.
කළු සල්ලි ජාවාරමක් නිර්මාණය වෙනවා
2026 ජනවාරි මාසය වනවිට පුද්ගලික අංශය බිලියන 83 ක ණය ප්‍රමාණයක් ගෙන තිබෙනවා. 2026 මාර්තු මාසය වනවිට බිලියන 258 ක් දක්වා වැඩි වී තිබෙනවා. නමුත් මීට සාපෙක්ෂව රටේ නිෂ්පාදනය වැඩිවෙලා නැහැ. ඒ වගේම වෙළඳපොළ තුළට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලැබුණ පසු උද්ධමනය වැඩි වෙනවා. මේ අතර තුර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කරනු ලබනවා. තමන් සතු ඩොලර් රුපියල් බවට පත් කරගත යුතු බව රජය විසින් ව්‍යාපාරිකයන්ට දැනුම් දෙනු ලැබුවා. අපනයනය මත පදනම්ව ජිවත් වන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය තමන්ට අවශ්‍ය වේලාවේ දී ලබාගැනීමට මේ නිසා නොහැකි වෙනවා. මෙවැනි ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙන රටකට විදේශ ආයෝජන පැමිණෙන්නේ නැහැ. කෙසේ නමුත් රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට මෙම ක්‍රමය භාවිතා කරන්න හැකියාව තිබෙනවා. නමුත් දිගු කාලිනව මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට රටට සුදුසු නැහැ. ඒ වගේම ව්‍යාපාරිකයින් වෙනත් මාර්ගවලින් ඩොලර් රටට ගෙන්වන්න කටයුතු කරනවා. ඒ හරහා නැවත කළු සල්ලි ජාවාරමක් නිර්මාණය වෙනවා.
අදූෂිත දේශාපාලන ව්‍යාපාරය රටට අනාවරණය කළ යුතු තොරතුරු
පාඩු ලබන ආයතවලට අදූෂිත නිලධාරීන් පත්කළ පසු එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කළ හැකි බව ජාතික ජනබලවේග රජය ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව පසුගිය වසරේ පාඩු ලැබූ ආයතන පිළිබඳව වාර්තාවක් මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අදූෂිත නිලධාරින් පත්කළත් එම ආයතනය ලාභ ලබන්නේ නැහැ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලත් වැඩියි. නමුත් ජනතාවට සහනයක් ලබා දෙන්නෙත් නැහැ. ඒ වගේම මේ වනවිට කිව් ආර් කේතයට අනුව ඉන්ධන ලබා ගැනීමට ජනතාවට සිදුවී තිබෙන අතර පසුගිය වසරවලට වඩා මේ වසරේදී ඩිසල් පරිභෝජනය වැඩි වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් විශාල ඩිසල් ප්‍රමාණයක් විදුලිය ජනනය සඳහා යොදවන්න සිදුවී තිබෙන නිසා ඩිසල් පරිභෝජනය වැඩි වී තිබෙනවා. මෙවැනි දේවල් සිදුවුණ ආකාරය පිළිබඳව අදූෂිත දේශාපාලන ව්‍යාපාරය රටට තොරතුරු අනාවරණය කළ යුතුයි.
ඉන්ධන මිල නැවත ඉහළ යනවා

ලෝක යුද්ධ නිසා ඉන්ධන මිල ඉහළ යන බව ජාතික ජනබලවේග රජය ප්‍රකාශ කරනු ලබනවා. නමුත් ලෝකයේ රටවල් ඉන්ධන සංචිත තෙල් මිල පාලනය කර ගැනීම සඳහා වෙළඳපොලට යොමු කර තිබෙනවා. ඒ අනුව තෙල් මිල ස්ථාකරණයට සඳහා උපායමාර්ගික සංචිත යොදවනවා. ඒ අනුව තෙල් මිල ස්ථායිකරණය වෙනවා. ඒ වගේම නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වුවහොත් තෙල් සංචිත තිබුණ රටවල් නැවත තෙල් මිලදී ගනු ලබනවා. එවිට නැවත ඉන්ධන මිල ඉහළ යනවා. කෙසේ නමුත් පාඩු ලබන ඛණිජ තෙල් නිතිගත සංස්ථාව ඉදිරියේදී නැවත ඉන්ධන මිල ඉහළ දමන්න කටයුතු කරනවා. රට දිනෙන් දින ආර්ථික අර්බුදයක් කරා ගමන් කරනවා. නමුත් රට ආර්ථික කළමනාකරණය කිරීම සඳහා කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැහැ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අපක්ෂපාතී නැහැ

විවිධ කාල වල විවිධ රජයන් විසින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමේ කාර්යයන්වල නිරත වෙනවා. එක් කාලයක් හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කරන්න ආණ්ඩුවක් උත්සහ කළා. දැන් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරන්න වර්තමාන ආණ්ඩුව උත්සහ කරනු ලබනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය අපක්ෂපාතිව සිදුවන්නේ නැහැ. පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් නැවත කොන්ත්‍රාත් පදනම මත සේවයට කැඳවා තිබෙන දේශපාලන හිතවත්භාවයක් තිබෙන පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු භාරව කටයුතු කිරිමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වය ඉටු වන්නේ නැහැ. ජාතික ජනබලවේග මැතිවරණ වේදිකාවේ සිටි විමර්ශන නිලධාරියෙකුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන භාර දුන් විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තියක් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනාශ කරන්න උත්සහ කරන්නේ වර්තමාන ආණ්ඩුව. පාස්කු ප්‍රහාරය සිදුවනවිට රාජකාරියේ සිටි නිලධාරින් විමර්ශනය සඳහා යොදා ගන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ සිදුකරන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශනය සාධාරණව සිදුකරන ක්‍රමවේද 7ක් පෙන්වා දුන්නා. මෙම විමර්ශන සාධාරණ සිදුකිරිමට දේශිය සහ විදේශිය විමර්ශකයින් යොදා ගන්නා ක්‍රමවේදයකුත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ට ලබා සාධාරණයක් ඉටු කරන්න නම් අපක්ෂපාති විමර්ශනයක් සිදුකළ යුතුයි. නමුත් ආණ්ඩුව සිදුකරන පක්ෂපාති විමර්ශන දැන් හාස්‍යයට ලක්වී තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සංශෝධනය විය යුතු යි

පාස්කු ප්‍රහාරයට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතුයි යන මතයේ සමගි ජනබලවේගය සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නාට්‍ය රඟ දක්වන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. විවිධ කාලවල රඟ දක්වන පාස්කු ප්‍රහාර නාට්‍යයේ කැලි ඉල්ලගෙන රඟ දක්වන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගෙන එන්නේ පාලකයන්ගේ සිතැගි පරිදි යොදාගන්න නෙවෙයි. මෙම පනත සංශෝධනය විය යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. නමුත් මෙම පනත හකුළා දමන බව වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළා. මෙම පනතින් වැඩිම ප්‍රමාණයක් බැට කැවේ වර්තමාන ආණ්ඩුව. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අවභාවිතා කිරීමට විරුද්ධ වුණ කණ්ඩායම අද පෙරටත් වඩා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අවභාවිතා කරනු ලබනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
