Image

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොපමාවම අහෝසි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොපමාවම අහෝසි කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් බලාත්මක කරවමින් සිටින ශ්‍රී ලංකාව, ලෝකයට ලබාදෙමින් තිබෙන පණිවිඩය වී තිබෙන්නේ අප ශිෂ්ට සම්පන්න ලෝකය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක් නොමැති බව පෙනෙන්නට තිබෙන බැවින් මෙම මර්දනකාරී නීතිය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

එම ව්‍යාපාරය මෙම ඉල්ලීම කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රටක් ලෙස ශ්‍රී ලංකාව බරපතල ත්‍රස්තවාදි තර්ජනයකට නතුව තිබූ අවස්ථාවක තාවකාලීකව පනවන ලද නීතීයක් සාමකාමී පරිසරයක් සහතික කර තිබිය දි ද, යාවත්කාලීන කරමින් සිටීම සිවිල් ජනතාව ගේ අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන්නා වූ බලවත් තර්ජනයක් ලෙස සැලකිය හැකි බවත්, පසුගිය කාලය පුරා බලයට පත්ව සිටි සෑම රජයක් මෙන්ම වර්තමාන පාලනය ද එය අවභාවිත කරමින් සිටීම අතිශයින්ම කණගාටුදායක යයෙි ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළවන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකර ගේ අත්සනින් යුත් එම නිවේදනය යි. 

Screenshot 2026 06 11 180406

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න